Tuesday, November 6, 2018

ඒ අත්ල මය මේ


ඒ අත්ල මය මේ
අත්වැරැදීමකින් දවසක්
යන්තමින් ගැටුණ...

ඒ අත්ල මය මේ
හිටිවනම නොසිතුසේ
උනුන් හා පැටලුන...

ඒ අත්ල මය මේ
දෙනෝදහසක් මැද
රහසේම සිපගත්...

ඒ අත්ල මය මේ
දබරැඟිල්ලෙන් සියුම් ලෙස
රේඛා එකින් එක පිරිමැදි...

ඒ අත්ල මය මේ
අවසන් වතාවට
සමුගනු පෙර
දැඩිව අල්ලාගත්...






3 comments:

  1. රන්දික නියමයි ඒ අත්ල ... මතක දිගේ ඇවිදගෙන යන්න පුළුවන් .......

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි!... එහෙම ඇවිදින ගමන් වල ප්රතිඵල තමා මේ ලියවෙන්නෙ...

      Delete
  2. ඒ අත්ල නිසාමද ඉස්සර වගේ ෆුට් බෝඩ් එකේ නොයා දුම්රියේ ඇතුළට වෙලා යන්නේ?

    ReplyDelete