Monday, July 25, 2022
කරුණාව - Mercy
Sunday, July 24, 2022
Broker (2022)
Monday, July 18, 2022
The Outfit (2022)
"ඕනෑම ෆුල් සූට් ඇඳුමක ප්‍රධාන කොටස් දෙකක් තියනව. අනිවාර්යයෙන් කෝට් එක සහ කලිසම. මේව බැලු බැල්මට නම් තනි ඒකක විදිහටයි පේන්නෙ. නමුත් මේව හදන්නෙ රෙදි වර්ග හතරකින්. කොට්න්, සිල්ක් ලොම් සහ වූල්. මේ රෙදි වර්ග හතරම වෙන වෙනම කොටස් තිස් අටකට කැපෙනව. ප්‍රමාණ මැනගෙන සැලසුම් ඇඳල කොටස්වලට කපල මූට්ටු කරන්න වැයවෙනව අවම වශයෙන් පියවර දෙසිය විසි අටක්. ඉතින් පළමුවෙනි පියවර තමයි මිනුම ගන්න එක. මිනුම කියන්නෙ ටේප් එක අරන් එහෙට මෙහෙට තියල අඟල් ගාන මැනගන්න එක නෙමෙයි. අතනින් අඟල් මෙච්චරයි, මෙතනින් අඟල් මෙච්චරයි .. නෑ නෑ ඒක නෙමෙයි. ඔයාට නියම විදිහට ඇඳුමක් හදාගන්න බෑ ඔයා ඒක හදන්නෙ කාටද කියල තේරුම් ගත්තෙ නැත්නම්. හැම ඇඳුමකින්ම කියවෙනව යමක්. වතාවක් මහත්මයෙක් මගෙ කඩේ ඇතුළටම ඇවිල්ල පාරම්බෑව "මම නම් අඳින ඇඳුම ගැන ඒතරම් වදවෙන්නෑ" කියල. එයා දිහා බැලුවම මට පෙනෙනව ඒක ඇත්තක් කියල. ඒකෙන් ඒ පුද්ගලය ගැන යමක් කියවෙනව. එහෙම නේද? මනුස්සයෙක් එනව ඔයාගෙ කඩේ ඇතුළට. ඔයාට මොනවද එයා ගැන කියන්න පුලුවන්? මුලින්ම එයා කවුද කියල තේරුම් ගන්න. ඒ ගමන් ඔයා මිනුම ගන්න."