Tuesday, January 24, 2023

සමහර එළි

ළඟ ළඟ එන බව දැනුම් දී
දැල්වෙන බැවින් මැතිවරණ කොළ එළි
සමහර උස කුළුණු මත
දැල්වෙන්න පටන් ගනියි නෙක එළි
පැයකින් දෙකකින් ආයෙ එන්නම් කියා
බැස ගිය නිසා පහනෙන් හිත මිතුරු විදුලි
ඇතැම් පැල්පත් වහලවලට ඉහළින්
දිදුළන බව පෙනෙයි තරු එළි...



1 comment: