මම සාමාන්‍යන් tv series බලලා තියෙන්නෙ බොහොම අඩුවෙන්. ඒ Episode ගණන් කාලය වෙන්කරගෙන බලන්න ඉඩපාඩුවක් ලැබෙන්න නැති තරම් හින්දා. එහෙම පුලුවන් කමක් තිබුණ කාලෙ Game of Thrones සහ Breaking Bad බැලුව එක ගැන නම් සතුටුයි. මොකද ඔය කාලෙ ඕක මග ඇරුණා නම් බොහොම දුරට ඕව බලන්න ආයෙ නොහිතෙන්න ඉඩ වැඩි නිසා. රූපවාහිනී මාලාවැඩසටහන් ඉතිහාසෙ උඩම තැන කෙසේ වෙතත් අඩුගණනෙ ඒ කිට්ටුවෙන්ම තියන්න පුලුවන් වැඩ ඒවා. මේක ලියන්න හිතුණෙ ඔය ගණයට දාන්න පුලුවන් තවත් වැඩක් පහුගිය කාලෙ බැලූ හින්දා. වාසනාවට මේක කොටස් අටක් පමණක් තියන කුඩා පරිමාණෙ series එකක්. ඒ තමා Mare of Easttown. මං ආසම Crime/ thriller වැඩක් නිසා ආපු දවස්වලම බලන්න ඕන කියල හිතුණත් කොටස් 8 ක්ම බලන්න තියන හින්දා ඒ සිතුවිල්ල එහෙමම යටපත් වෙලා ගියා. Crime/ thriller එකක් වීමට අමතරව පහුවෙලා හරි බලන්න හිතුණෙ Kate Winslet ප්‍රධාන චරිතය කරන නිසා කියල නොකියා ඉන්නම්. ටයිටැනික්වලට පස්සෙ මට බලන්න ලැබුණ එයා උන්නු Sense and Sensibility, Eternal Sunshine of the Spotless Mind, The Reader, Revolutionary Road, The Dressmaker වගේ චිත්‍රපටි නිසා Kate මගේ ලෝකෙ අමතක නොවෙන චරිතයක් බවට පත්වෙලා තිබුණා. ඉතින් එහෙම වෙද්දී Mare of Easttown වගේ වැඩක් මගඇරගෙන බැහැනේ. හැබැයි කොයි විදිහකින් හරි මැරෙන්න කලින් ඕක බලන්න ලැබීම ලොකු දෙයක් කියලා හිතුණෙ අවසන් කොටසත් බලලා ඉවර වුණායින් පස්සෙයි. බලලා ඉවර කරලා මාස ගණනක් ගෙවුණත් තවමත් ඒ සිද්ධිය සහ ඒ වටා උන්නු චරිත මතක ලෝකෙ ඇවිදින අඩි සද්දේ ඇහෙනවා.
Wednesday, February 12, 2025
Mare of Easttown
Sunday, February 9, 2025
සිනහවක් සමග මියැදෙනු හැකි නම්.......
අලුතෙන් හැදෙන සින්දු කොයිතරම් කනේ හැප්පිලා ගියත් Bruno Mars ගෙ Die with a Smile කියන්නෙ ඒවා අතරෙ සෑහෙන ඔලුවෙ රැඳිලා තියන melody එකක්. Bruno මුල් කාලීනව කියපු සිංදු සෙට් එක ඒ කියන්නෙ Grenade, Just the way you are, Count on me, Marry you, Lazy song වගේ ඒවා මගේ නම් ජීවිතේ අතීතකාමී මතක ඇතුලෙ තවමත් නොමැකි තියෙනව. අවුරුදු දොළහක් දහතුනක් තිස්සෙ උදේ පාන්දර නැගිටගෙන ඉස්කෝලෙ දුවල ගතකරපු ජීවිතේ ඉවර කරලා රටතොට සමාජෙ හැටි ගැන මෙලෝ මලදානයක් නොදැන ආපහු රස්සා ජීවිතේකට මාරුවෙනකම් ගෙවා දැම්ම සංක්‍රාන්තික කාලයක් ඇතුළෙයි මේව මට ඇහෙන්න ගත්තෙ. ඒක ඇවිල්ලා තනිකරම මුදලක් හම්බකරගන්නවට හරි නැත්නම් වෙනත් මොනවටවත් වඩා හිතේ ආසාවට දේවල් කරමින් ගෙවුණු පුදුමාකාර නිදහස්කාමී කාලයක්. මං ටිකක් වැඩිපුර කලයක් ඔහොම ගතකලා. මං හිතන්නෙ ඉන්ටනෙට්, සෝෂල්මීඩියා සමාජෙ අස්සක් මුල්ලක් නෑර බෝවෙන්න පටන් ගනිමින් තිබුණෙ එතකොට. ඒ කාලෙ වැළඳිච්ච Rock music පිස්සුව එක්ක Green day, Simple plan, Metallica, Pink Floyd වගේ බෑන්ඩ් හොය හොයා අහන කාලෙ pop music වලින් තදින්ම හිතේ රැඳුණා Bruno Mars ගෙ සින්දු. මේ අලුතෙන් ඇවිත් තියන Die with a smile කියන්නෙ ඒ නොස්ටැලිජික මතක අවුස්සන්න තරම් බලගතු melody එකක් මට නම්. අවුරුදු 15 කට විතර පස්සෙ වුණත් මේ මනුස්සයගෙ කටහඬ එදා වගේම ඇහෙනවා තවම.