Thursday, September 14, 2017

කාර්යබහුල වීදියක හුදකලා පහන් කණුවක්ව


නිවීගිය පසු අහසෙහි
මහ පහන,
දැල්වෙමි.

එති යති බොහෝ දෙනා
වේගෙන් වේගෙන්
මග සොයාගෙන
මගෙ කුඩා එළියෙන්.

තුඩින් එල්ලා පලවැල
කැදලි සොයා පියඹන 
සියොත් මිතුරන්ට
නවාතැන්පළ වෙමි 
මඳකට..

නොයෙක් විසිතුරු සළු පැළඳ
අඟනුන් මග බලති පාමුල
ඔවුන්ගේ මළානික මුහුණු වල
තවරා ඇති වත්සුණු
දිලිසෙනු පෙනේ මට...

කල්පනාවේ පියවර තබමින් 
හෙමින් හෙමින් මග ගාටන
මිනිසෙක්...ගැහැණියක්....
දකිමි අතරින් පතර
එළිය දෙමි ඔවුන්ටත්..

එහෙත් මා මිතුරනි
පහන පාමුල
ඔබට නොපෙනෙන
යම් දෙයක් ඇත
නිරන්තරයෙන් මා පෙළන 
මා දවන.....





16 comments:

  1. මේ පහන් කණුව
    බිම බලාගෙන,
    සොයන්නේ හැමදාම
    එයම නොවේද?

    ReplyDelete
    Replies
    1. එළියත් සමග පැතිරුණු
      අදුරක් ඇත යම්කිසි
      ඈතින් බැලුකල නොපෙනෙන
      ලංවූ විට පමණක්පෙනෙන....

      Delete
    2. ඇස්දෙක රිදුම් දෙනතුරු
      බලා උන්නද - ඒ අඳුරු
      දුරු නොවන බව මිතුරු
      වැටහිය යුතුය නිරතුරු

      Delete
    3. නැහැ දුරු වන්නේ...
      අදුරින් තොර
      නොමැත එළියක්...
      මම හිදිමි
      මෙතැනම...
      යනෙන සියොතුන්
      කළබල මගීන්
      මිනිසුන් ගැහැණුන්
      දෙස බලාගෙන...

      Delete
    4. දෙනෝදාහක සෙනඟ
      යති ඉදින් එය පසුකර,
      වරෙක , අඳුර ඇති
      තැන්වලම පා තියමින..
      ආලෝක දිහා බලාගෙන !

      Delete
    5. කුඩා තිත් තිත් ව
      නොපෙනී යති ඔවුන්
      කුඩා පා සළකුණක්
      පමණක් ඉතිරි කර ....

      Delete
    6. කුඩා තිත්වල
      මහා , ඇදුනු හෙවනැලි
      දිගාවී කියයි
      අලුත් පහන්කණුවකට -
      මැසිවිලි!

      Delete
    7. අදුරු දිග සෙවණැලි
      නගන විට මැසිවිලි
      ඒ පහන් කණුවත්
      එළිය ඇස දල්වා
      කරාවිද විමසිලි....

      Delete
    8. නුඹ දෙපලග
      කවි දෙබස්
      අසාගෙන ඒ මග පුරා
      ආවෙමි මම හුදෙකලාවම...

      Delete
    9. අදුරින් අදුරු වන විට
      එක ලෙසින් නුවර
      පහනින් තවත් පහන් එළි
      දැල්වේය සබද....

      Delete
  2. Replies
    1. කලින් නොකියවපු කතාවක් බොහොම ස්තූතියි!!!

      Delete