Thursday, April 12, 2018

අාදරය ද මේ?



ඉඩෝරය ඇවිදින් 
උල්පත් උදුරාගන්නකොට

පිපාසා නැතුවා සේ ඉන්නා එකද....

ඈත උඩු හුළගේ
පාවෙනා වළාකුළකින්
වැහිදිය බිදක් නොයදිනා එකද....

මැදියමේ අහස
පිනි කදුලු වගුරද්දි
වෙව්ලනා  දෑතින් පිසලන එකද...

වසන්තේ පිබිදූ
නැවුම් රතු මල් පොකුරු
පෙති හැලී පරවී යන අයුරු
බලා ඉන්නා එකද....

ෆර්මිනා...
කියන්න මට
ආදරේ කියන්නෙ ඒකද,?





2 comments:

  1. ඇත්තටම ආදරය ඉඩෝරයක් වෙන වෙලාවලුත් තියනවනේ.

    ReplyDelete