Wednesday, April 11, 2018

අයින්ස්ටයින් සහ මාරි කියුරි



වර්ෂ 1921. අැල්බට් අයින්ස්ටයින් සහ මාරි කියුරි මහත්මිය හමුවූ අවස්ථාවක්.

මාරි කියුරි මහත්මිය එවකට සමාජයේ බෙහෙවින් කැපී පෙනෙන 
චරිතයක් ව සිටියාය. අැය, විද්‍යා විෂය ක්ෂේත්‍රයෙන්  අාචාර්ය උපාධියක් 
දිනා ගත් යුරෝපයේ පළමු කාන්තාව වූ අතර  භෞතික විද්‍යාව  සදහා 
නොබෙල් ත්‍යාගය දිනා ගත් පළමු කාන්තාවයි. (වර්ෂ 1903 විකිරණශීලීතාව 
සොයාගැනීම වෙනුවෙන් අෑ නොබෙල් ත්‍යාගය ලැබූ අතර නැවතත් 
වර්ෂ 1911 රේඩියම් කිරණ සොයාගැනීම වෙනුවෙන් අෑ නොබෙල් ත්‍යාගය 
ලැබුවා ය. ඉතිහාසය තුළ, ඒකම පුද්ගලයෙකු විසින් දෙවරක් නොබෙල් ත්‍යාගය 
දිනා ගත් පළමු අවස්ථාව මෙයයි)  . කවර අාකාරයේ ගෞරව සම්මාන ලැබුවද 
ජනප්‍රියත්වයෙන් හිස උදුම්මවා නොගත් තැනැත්තියක් ලෙස අෑ ප්‍රකටය. 

"ජනප්‍රියත්වය හින්ද, විනාස නොවිච්ච කෙනෙක් මේ ලෝකෙ ඉන්නව නම්, 
ඒ් මාරි කියුරි ම තමයි" යි අැල්බට් අයින්ස්ටයින් වරක් පවසා අැත.

“Marie Curie is, of all celebrated beings, the one whom fame has not corrupted”
 -Albert Einstein






5 comments:

  1. කියුරි පවුල නොබෙල් ත්‍යාග හතරක් අරං තියෙනවා.
    මාරි සහ පියරි පලමු ත්‍යාගය
    මාරි තනියම දෙවැනි එක
    මාරි ගෙ අයරින් දුව සහ බෑනා තුන් වෙනි එක
    1965 දී unisef එක නොබෙල් දිනන විට ඒකෙ ඩයිරෙක්ටර් මාරි ගෙ අනිත් දූ ගෙ මහත්තයා

    එතකොට නොබෙල් තෑගි හතරයි පවුලටම. මරු නෙහ්

    ReplyDelete
  2. "ඉතිහාසය තුළ, ඒකම පුද්ගලයෙකු විසින් දෙවරක් නොබෙල් ත්‍යාගය දිනා ගත් එකම අවස්ථාව මෙයයි" Not true. She is the ONLY WOMEN who won nobel price 2 times.
    Linus Pauling, John Bardeen and Frederick Sanger have won 2 times as well.

    ReplyDelete
    Replies
    1. පළමු අවස්ථාව ලෙස නිවැරදි විය යුතුයි...ඔබට ස්තූතියි!

      Delete