කැමැත්තෙන් එතුන කරවිල වැල
මිහිරිතම හාදු තවරද්දි කොපුල මත
කිසිම දවසක ඇහුවද කොහොඹ ගස
"ඔබ ඇත්තටම ආදරෙද මට? "
උදෑසන සීත පහසට
තණපියල්ලට තුරුළුවී හිඳ
ඉර ඇවිත් කකුලෙන් අදින කොට
"තව ටිකක් ඉන්න තිබුණ නම්"
හිතුනේ නැද්ද පිනි බිඳකට
ළපැත්තට හිස තියා විල උඩ
වැතිරී ඉන්න නෙළුම් පත යට
විල්දියට මුහුවුණ කඳුලක්
දුටු කෙනෙක් ඉන්නෙ කොතැනද?
ගිරි මුදුන උරහිස් අග
වැහි වළාකුළ ගිමන් අරින කොට
"මේ දැන්" මිස තව නමක්
තියනවද ප්‍රේමයට වුව.
2017/ 04 /06
++++++++
ReplyDeleteස්තූතියි!
Deletevery nice
ReplyDeleteThanx alot!!
Deleteඅපිට ආදරේ කියාගන්න බැරි අවස්ථා එනවා. ඒ වෙලාවට ක්‍රියාවෙන් තමයි ආදරේ පෙන්නන්න වෙන්නේ. කරවිල වැලත් එහෙම වෙන්න ඇති.
ReplyDeleteආදරේ කියන්න තියන දෙයක් නොවේ මම හිතන්නෙ... ආදරය කරන්න පමණයි තියනේනෙ...
Deleteමේ කවිවල කදිම බව ඔබ සතු අසාමාන්‍ය රූපක භාවිතය නිසා දහස් ගුණයක් වැඩි වෙනවා]
ReplyDeleteබොහොම ස්තූතියි එ් අගය කිරීමට!!!
Deleteඒකනම් දැනුනා . ලස්සනයි
ReplyDeleteබොහොම ස්තූතියි!!!
Deleteඒක හරි හීතල කවියක් අප්පා <3
ReplyDeleteහීතලත් තියෙන්න ඔ්න නෙ යන්තමින් හරි :)
Delete