මහ කුණාටුවෙන් පස්සේ
ඇදවැටී පණ අදින ගහකොල අස්සේ
ඊට පසුවදන් සපයන්න
බොහෝ දෙන එක් වුණි....
විපතින් වැනසුන වනයක
දුක් කඳුළු රස කර කර
රැහැයි මුව අගින් ගැයුණි..
ලිං මැඩි සහෝදර පිරිස ද
සිය පුරුදු නාදයෙන්
අත්වැල් ගායනෙන් එක් වුණි..
කුරුලු ගොදුරකින් මී කුණකින්
කුස පුරවා ගන්න
රාජාලි සෙනගද
හෘද සංවේගයෙන් බිමට බැස
ශෝක පණිවුඩ තබා ගොස් තිබුණි..
මහ තුරු කඳකට යටව
මියැදෙන පොඩි පැලයක දෙකක
අවසාන හුස්ම හෙලන තෙක් ලඟ ඉන්න
කැදලි කැඩී
බිජුවට විසිරී ගිය
කුරුලු මව් පිය යුවලක් සනසන්න
ල දළු මල් කැකුලු එක්කම
අතු ඉති අහිමි වුණ ගසක් මත
සෙනෙහස බිඳක් තවරන්න
කවුරුවත් කොතැනකවත් නොවුණි...
ඉතාම තිත්ත ඇත්ත. !
ReplyDeleteස්තූතියි ලිඛිතා!
Delete++++++++++
ReplyDeleteස්තූතියි තඩියා!!!
Deleteකෙනෙක්ගේ විපත තව කෙනෙක්ගෙ සැපත වෙලානේ. අද වැඩිපුර වෙන්නේ ඔය දේනේ.
ReplyDeleteඅන්න ඒකයි!
Delete