Friday, October 26, 2018

මට හිමි තැන


ඔබට පුලුවනි
මේ විසල් හෙවණේ
වාඩිවී
ඈත නොරටක
කළු වලාකුළකට
කවි පබඳින්න..

කොහේ හෝ සිට
හමා එන
සුළඟකට
එකවි
විසි කර දමන්න..

මංමුලා වුණ
තුරු පතකටත්
පුළුවනි
මං වගේ 
පාව විත්
ඔබේ උරහිසේ
රැඳෙන්න..

ගිලිහෙන්න පෙර
මොහොතකට
කෙහෙරොදක
දැවටි දැවටී
හිඳින්න..

හීතලම හීතල
වැහිතුඩු
වදින 
පපුවෙ හරි මැද
ඒ තමා 
ඔබේ කවි
මං ගාව
නතර වෙන තැන..

කිසිවක්ම
නොපවතින
නැතිනම්
කිසිවක්ම
ඇති බවක් 
නොපෙනෙන
අන්ධකාරේ 
ගැඹුරු පතුලක
ඒ තමා
ඔබේ හදවතේ
මට හිමි තැන...






6 comments:

  1. ඒක අපූරුයි....

    ReplyDelete
  2. හරිම ලස්සනයි ඔබේ කවි..

    ගිලිහෙන්න පෙර
    මොහොතකට
    දෙහෙරොදක
    දැවටි දැවටී
    හිඳින්න..

    මේක කෙහෙරොදක වෙන්න ඕන නේද..නැත්නම් මං දන්නේ නැති වචනයක්ද...

    ReplyDelete
    Replies
    1. වැරදීමක්!! නිවැරදි කළා... බොහොම ස්තූතියි පෙන්නා දුන්නාට විනීත පූ!

      Delete
  3. හැමදාම වාගේ ලස්සනයි. මට මේකට උත්තරයක් ලියාගන්න බෑ. ඒ වෙනුවට කසුරිගේ කවියක් ලියන්නම්. වචන එහෙම ම, ඒ විදිහට ම මතක නෑ, ඒත් අර්ථය මේ වගෙයි:
    ඔබේ සිත මලක් යැයි
    ඔබම කියූ බස සැබෑමයි
    මගේ සිත ගලක් යැයි
    ඔබ කියූ බස සැබෑමයි
    අප අතර වූ ආදරය
    පරවූ මලක පෙති මෙන්
    ඔබේ සිතින් ගිලිහී ගොසින්
    ගලෙක කෙටූ අකුරු මෙන්
    මගේ සිතේ තවමත් එලෙසින්...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි!! ඒ පිළිතුරු කවිය අපූරුයි!!

      Delete