ළඟ ම ළඟ කටහඬක් වුණත්
දුරකථන මුවකින්
බොහෝ දුර වී ඇහෙන
දවසක් ඒවි
දවසක...
රත් වළාකුළු
අහසේ
පාවි පාවී තියේවි..
ඉර වුණත්
ඇඟිලි ගැන ගැන ඇවිත්
මුහුදු පතුලට පැන
නිවේවි...
හැන්දෑව..
ඔහේ ගතවේවි...
නික්ම ගිය තැන්
මුණගැහුණ තැන්
පහුකර
පහුකර
යන්න සිදුවේවි..
යම් දෙයක් ඇති බව
මේ අතු අගිසි වල
බිම හැලුණු මල් වල
උද්‍යාන බංකු වල
සමහරවිට කවියක් දෙකක් ලියවේවි...
(සමහර විට එහෙමත් නැති වේවි)
සේපාලිකා ගස්
ලිය මඩුළු අගිස්සෙන්
බේරි බේරි
හඳ එළිය
අමාවක දාටත්
පෙනේවි...
ඉතින්
දවසක
ළඟ ම ළඟ කටහඬක් වුණත්
දුරකථන මුවකින්
බොහෝ දුර වී
ඇහෙන
දවසක් ඒවි...
මේ නම් මගේ ජීවිතයම වගෙයි හරියටම. ඔබ සීරුවෙන් වචන ගලපලා තියෙන විදිහ හරිම ලස්සනයි. ජයවේවා!
ReplyDeleteබොහොම ස්තූතියි!
Deleteලස්සනයි!
ReplyDeleteබොහොම ස්තූතියි!
Deleteසමහරවිට කවියක් දෙකක් ලියවේවි
ReplyDeleteහ්ම්...
හැමදාමත් වගේ අදත් හරිම ලස්සනයි.
ඒහෙම ලියවෙන දේවල් තමා මේ ... බොහොම ස්තූතියි!!
Deleteකාලෙත් එක්ක දේවල් වෙනස් වෙන හැටි ... හරි ලස්සන ගැලපීමක් ....
ReplyDeleteබොහොම ස්තූතියි!
Delete