Tuesday, November 13, 2018

නැත නමුත් ඇත

නොයමි යළි
කිසිදින
ඒ පටු මාවතේ
තනිවම..

නොයමි
බස්‍ රථවල
පිටුපස අසුන් වල..

කොයිතරම්
මල් පිපුණට
මග හරිමි උද්‍යානය..

ඇසෙයි
ළඟ ළඟ ම
ඇවිද එන පියවර හඬ..

දැනෙයි
උරහිස මත
සියුමැලි කෙහෙ කැරැල්ලක්
දැවටෙන බව..

මුමුණයි
කෙනෙක්
මන්ද්‍ර ස්වරයෙන්
යම් දෙයක් කණට කර..





2 comments:

  1. මතකය සහ හිමිකම අතර දෝලනය වන කදිම පද ගැලපුමක් .....

    ReplyDelete