Tuesday, November 27, 2018

ඉතිං ඔබ මෙතැනින් නික්මෙන්න.


ඉතිං ඔබ මෙතැනින් නික්මෙන්න. 

ඇස් අගින් බේරී
කොපුල් රූරා ගලන
සීතලම කඳුළකට
එපා තව ඉඩ දෙන්න. 

තබා කෙටි පියවර
මෙතෙක් කල් පැමිණි දුර
මතක විතරක් 
ඇතිය මට සැනහෙන්න..

රෑ අහස වසා ගෙන
සිහින් එළි පතුරවන
දහස් ගණනක් තරු වලට
ඔබේ උවනත දෙන්න..
ඉතිං මට පුලුවන්
සඳ නොමැති හැම රෑක
ඔබේ රුව දැකගන්න...

කඳුවළල්ලෙන් එහා
ලොවක් ඇත මඟ බලන්
යා යුතුයි ඔබ ඒ වෙතට
දැන් දැන් ම..

නොකියාම තව යමක්
හැරී නොබලා වරක්
සුළඟ සේ එක්වරම
හැරයන්න..



96 චිත්‍රපටය නැරඹීමෙන් පසු ඇති වුණ සිතුවිල්ලකි.






4 comments:

  1. අතහරින්න මෙච්චර ලේසියෙන් පුළුවන් නම් හොදයි .... රහයි .....

    ReplyDelete
  2. ඔබ මට දෙන සහයෝගයට ස්තුතියි . පුළුවන් නම් ඕස්ට්‍රේලියාවේ , ඉතාලියේ සහ මැද පෙරදිග වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට මගේ බ්ලොග් ලියමන් කියවන්න, අහන්න සහ බලන්න ඔවුනට ලගාවිය හැකි විදිහක් කියන්න .

    ReplyDelete