Friday, February 1, 2019

ඇස අග.....


සියුමැලි ඔබෙ හිස
හොවා මා ළය මත
දෑගිලි තුඩින් පිරිමදිමින්
ගෙවුණු දිගු තප්පර 
ප්‍රේමයයි හැඳින්නෙමි
එකල..

කිසිදා
නොපැමිණෙන 
අැමතුමකට..

කිසිමදා
නොලියන
ලියු සැණින්
යලි මැකෙන
පණිවුඩයකට..

අැස් අගින්
මතුව එන 
සිහින් තෙතමනයට
ප්‍රේමයයි
කියමි 
මම
මෙකල..






4 comments:

  1. ප්‍රේමය , කාලය සහ වෙනස ...ඔබේ කවි හිතන්නට ගොඩක් දේ ඉතිරි කරනවා

    ReplyDelete
  2. ලස්සනයි ❤️
    කාලයත් එක්ක හිතෙන දැනෙන දේ ගොඩාක් වෙනස් වෙනවා, ඇත්ත....

    ReplyDelete