Tuesday, July 24, 2018

සුහදිනි


සුහදිනි..
අතින් අත පැටලුණ සැණින්
යලි ලිහී යාමට නියමිත බැවින්
අප දෑත් පැටලිය යුතු නැත...

එක අඩැසි බැල්මකින්
සහසක් ගිනි පුළිගු දැල්විය හැකි බැවින්
නිතර අප දෑස් මුණගැසිය යුතු නැත....

සිනිඳු මුදු තෙපුලකින්
හද බැමි දෙදරා පිටාරව යා හැකි බැවින්
රළු බසින් ඇමතුවද කම් නැත.....

විලවුන් සුවඳ අහුරකින්
මට මා ද අමතක විය හැකි බැවින්
මඳක් ඈතින් හිඳිනු කම් නැත....

වැළඳගැනුමක මුදුව සිප ගැනුමක
විස මුසුව තිබියහැකි බැවින්
එවැනි දෑ අප අතර සිදුවීම සුදුසු නැත...

සුහදිනි.....
ප්‍රේමය නම් "ප්‍රේමය" ම මිස
"වෙනත් නම්" ඊට තිබිය යුතු නැත..

2017/07/25





7 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ලිඛිතා...ලිඛිතා...ලිඛිතා :D

      නොබැඳි බවත් එක්තරා බැඳීමක්...එහෙම නේද?

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  2. මේ පබැදුම හරිම වෙනස් ....

    ReplyDelete