Tuesday, October 2, 2018

සුළඟ


දුර ඈත සාගරෙන්
දිය බිඳක් අතින් ගෙන
සංවහන සුළං පැමිණේ
දකින්න කඳු නෑදෑ පිරිස..

සමහර සමහර
මල් උයන් වල ගෙවතු වල
නතර වුණු ගමන් ම ය
මඳ පවන..

සිඳුණු පසු නූල
අයාලේ ගියත් 
ඉහළ උඩු සුළඟෙ
සරුංගල
පාත සුළඟේ
කිසිදාක වෙන් නොවේ
දූවිලි පුසුඹ..





4 comments:

  1. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! බොහොම මෑතකදි තමා මම බ්ලොගයට ඒක් වුණේ ..අැත්තටම අපි නොදන්න කාරණා බොහොමයි....ඔබෙ බ්ලොගය සින්ඩියකට ඒකතු කිරීෙමන් වැඩි පාඨක පිරිසක් ගෙන්වා ගත හැකියි..මාතලන් ගෙ සින්ඩිය අටම්පහිය වැනි තව බොහොමයක් තියනව ඔබේ බ්ලොගය ඒවාට යොමුකරන්න

      Delete