මුල් වතාවට
දෑස් මුණගැසුණු දවස ද..
අතැඟිලි එකිනෙක
පැටලුණු අයුරු ද..
කොපුල් මත විසිරුණ
කලබල හාදුව ද..
කෙටි නමුත් ඉතා දිගු
කෙටි පණිවුඩ ද..
අන්තිම වතාවට
වාඩි වී උන් බංකුව ද නොව..
අමතක කරන්න බැරි ම මට
ඇහි පිහාටුව මත
තොල් පෙති තැබූ තැන..
දෑස් මුණගැසුණු දවස ද..
අතැඟිලි එකිනෙක
පැටලුණු අයුරු ද..
කොපුල් මත විසිරුණ
කලබල හාදුව ද..
කෙටි නමුත් ඉතා දිගු
කෙටි පණිවුඩ ද..
අන්තිම වතාවට
වාඩි වී උන් බංකුව ද නොව..
අමතක කරන්න බැරි ම මට
ඇහි පිහාටුව මත
තොල් පෙති තැබූ තැන..
+++++++++++++++++
ReplyDeleteබොහොම ස්තූතියි!!!
Deleteකාලෙකින් ගොඩ වෙන්න බැරිවුණා . වෙනදා වගේම ලස්සනයි . ඔබේ කවි එක්ක අතීතය දිගේ දුවන්න පුළුවන් .
ReplyDeleteසතුටක් දකින්න ලැබීම .... ලියන දේවල් දැනෙනව නම් .. විදිනව නම් මගෙත් සතුට ඒකම තමා!!
Deleteසහතිකවම. ඔන්න මේ බ්ලොග් එක දැකලා මගේ හිතට ආව දොලදුක නිසා මගේ බ්ලොග් එකටත් නව මුහුණුවරක් දුන්නා. මම සාමාන්‍යයෙන් කොපි කරන්න කැමතිම නෑ. මේකෙන් ගත්ත අදහසින් මගේ එකට වඩා ගැලපෙන් පෙනුමක් දුන්නා.
ReplyDeleteබ්ලොග් ගැන ලොකු දැනුමක් නැති කාලෙක මේක හැදුවෙ..කියවන කෙනෙකුට පහසුවක් වෙන්නත් ඇහැට ප්රිය වෙන විදිහටත් තමා හදන්න ඕන වුණේ...ඉතින් ඒක සාර්ථක බව දැනගන්න ලැබීම ලොකු සතුටක්...!!!
Deleteලස්සනයි!
ReplyDeleteබොහොම ස්තූතියි!!!
Delete