Monday, June 10, 2019

රත් වරළැති යුවතිය


රත් වරළැති යුවතිය
දවස දියවන සැඳෑවක
දුම්රියපොළේ වේදිකා දිගේ
ගලා යන මහ සෙනඟ මැද...

සැන්දෑග අහසේ
වළාකුල් අතර තැවරෙන
ළා රත මෙනැයි කියන්නෙම් ද
නැතිනම් ගිමතින් ගිලිහෙන
මේපල් පතක රත මෙනැයි කියන්නෙම් ද 
ඒ රත..

ඈත හිඳ බලා ඉමි
කවුළු පත් ඇරී අහසෙන්
කඩා හැළෙනා සුළඟට
අවනත නොවන රැළි කෙහෙරැළි
රැළි රැළි නඟන අන්දම..

රත් වරළැති යුවතිය
ඩිජිටල් පුළුල් තිර 
ලවුස්පීකර් වරුසාව මැද
දුර යම් නොපෙනෙනා ඉමකට
දෑස රන්දන..

ඩා බිඳු ලිහී ගිලිහෙන
කතරක උණුහුම කැන්දන
ලෝහමය කුළුණු උස් වහල මැද්දට
සිහිල් මදහාස වැසි වස්සන..

ඈත හිඳ බලා ඉමි
සුළං රළ වැදී සසැලෙන 
ඒ රක්ත වර්ණ අරුමය..
පිබිදුනු සිතින් පිරිමැද
සුළඟටම අතහරිමි
රත් කෙහෙ කැරැල්ලක් 
හෙමිහිට..






7 comments:

  1. අපේ බ්ලොග් කරුවෙක් වෙන නිලුක කදුරුගමුව මහතා පරිවර්තනය කළ රත් වරලති ලිය ගැන ලිවුවා කියළා මම හිතුවේ?

    ReplyDelete
    Replies
    1. මේක මුහුණු පොතේ දැම්මමත් කෙනෙක් රත් වරලැති ලිය පොත ගැන කිව්ව විස්තර හොයද්දි කියවන්න ආසාවක් ඇතිවුණා..පොත හොයාගන්න ඕන...මේකට නිමිත්ත වෙන්න ඇත්තම අත්දැකීමක්. හැමදාම 5.55 පොල්ගහවෙල කෝච්චිය එනකන් කොටුවෙ ස්ටේෂන් එකට වෙලා ඉන්නකොට දකිනව රතු දුඹුරු පාටට දිග කැරළි කොණ්ඩයක් තියන ගැණුළමයෙක්ව.හරි අපූරු කොණ්ඩයක් ඒක.කොහොම හරි බලනව මම හැමදාම ...

      Delete
    2. අහලා බලන්න එපැයි ඒ ළමයාගෙන් එයාත් අර ශර්ලොක්ස් හොම්ස් කතාවේ ඉන්න රතු හිසකේ සංගමයේද කියල!

      Delete
    3. ඔයා ඇහුව කියල අහන්නද ලිඛිතා :D

      Delete
  2. Appreciating the time and energy you put into your blog and detailed information you offer. It’s awesome to come across a blog every once in a while that isn’t the same unwanted rehashed material. Great read!.

    ReplyDelete