Wednesday, June 12, 2019

කුඩා පොකුණ


වැසි සමයට පෙර
ඔබ නික්මගිය පසුව
අහස් අග ඝන මේකුළ
මහා වැස්සක් ව ඇදහැලිණ

නොනවතී ගලා එන 
වැහිදිය බිඳෙන් බිඳ එකතුව
කුඩා පොකුණක් නිමවිණ

ඉන්පසුව
පැමිණි කිසිවෙකුගේ රුවක්
පොකුණු දිය මත ඇඳී
යළිත් මැකුණා මිසක
පාසටහන් ඉතිරිවූවේ නැත..




No comments:

Post a Comment