බලා හිඳිනෙමි බොහෝ වේලා
මුර කුටියේ සිට
ඇවිද යමි නිතර උයනේ
පටු මාවත් ඔස්සේ
හාත්පස යොමා විමසිලි ඇස..
නිල්වන් තුරු මඬුලු අතරේ
ළං ළං ව උනුනට
සියුම් සරයෙන් රහස් මුමුණන
පෙම්වතුන් පෙම්වතියන් ය තැන තැන
බසක් නොදොඩා උන් වෙත
ඇවිද යමි ඈතින්..
කෙළිදෙලෙනි පොඩි උන්
සාද කතා ය හැම තැන
පිපෙයි මල් නොයෙක් විසිතුරු
හැලී යයි හමනා සුළඟේ
නොදකිති බොහෝ අය..
පැමිණෙයි අයෙක් සමහර
කඩදාසි පැන්සල් ගෙන
බලා හිඳ බොහෝ වේලා
සටහන් අඳිති මල්වල..
මහතෙකු පැමිණේ මෙහි
නවතම මොටෝරථයකින්
මසකට වරක් දෙවරක්
කලු විසල් කණ්නාඩි යුගලක් පැළඳ
එක් එක් යුවතියන් ඒ ඒ වර..
සැඳෑ වූ කල නුවර ට
පිටව යති ඔවුන් සියලු දෙන..
වසාදමමි ගේට්ටුව
හිස්ව ගිය විට උයනෙහි
ඉබි යතුරු යොදමි අගුළු දැඩි කර..
ඉන්පසු මම
පටන් ගනිමි කතාව
අපූරුයි !!!
ReplyDeleteඒත් ටිකක් දිග වැඩිද මන්ද...
හැමදෙයක්ම කියන්න අවශ්‍ය වුණා... :)
Delete