Wednesday, September 29, 2021
Sunday, September 26, 2021
Friday, September 24, 2021
පුංචි නැට්ටුක්කාරි..
ගිලියන් අවුරුදු හතක පුංචි දැරියක්. එයා එක දෙයක් නිසා එයාගෙ වයසෙ අනෙක් පොඩිඋන් ගෙන් සෑහෙන වෙනස් වුණා. ඒ තමා කොයිම විදිහකට වත් එක තැනක වාඩිවෙලා ඉන්න බැරි වීම. මේ වයසෙ දරුවන් කොහොමත් එහෙමනෙ කියල ඔබ කියාවි. ඒත් ගිලියන් ලඟ මේ ගුණාංගය පමණ ඉක්මවා ගිහින් තිබුණා. ඉස්කෝලෙ පාඩම් ඉගෙනගන්නා අතරෙත් එයා හිටපු ගමන් නැගිටල පන්තිය පුරා දුවන්න පටන් ගන්නව. ගිලියන්ගේ ගුරුවරුන් ගෙන් නිතරම එයා දඬුවම් ලැබුව. බැනුම් අහගත්ත. සමහර වෙලාවට එයාට අවධානය එකතැනක තියාගන්න උනන්දු වෙන්න ඒ අය නොයෙක් උපක්‍රම යෙදුව. නමුත් කිසි දෙයකින් වැඩක් වුණේ නෑ. එක තැනක වාඩි වෙලා එක දෙයක් ගැන අවධානය යොමු කරන්නෙ කොහොමද කියල ගිලියන් කවදාවත් ඉගෙනගත්තෙ නෑ.
Wednesday, September 22, 2021
To live in this world
Tuesday, September 21, 2021
මම සීත රටකින් ආවෙමි
Tuesday, September 14, 2021
Njan Prakashan (2018)
මගේ නම ප්‍රකාශන්... පොඩ්ඩක් ඉන්න.. දියුණු වෙන මනුස්සයෙකුට ඊට වඩා හොඳ නමක් තියෙන්න ඕන.. ඉතින් මම මගෙ නම වෙනස් කරගත්‍ත... ආකාශ්.. P R ආකාශ්... අර ප්‍රකාශන් කියන හරි ගතානුගතික නමට වඩා ඒකෙ පොඩි ගතියක් තියනව නේ. කොහොම වුණත් මගෙ ජීවිතේ නම් සෑහෙන කාලයක් නිකම් නාස්ති වෙලා ගිය බවක් තමයි මට දැනුණෙ. මට පොඩි කාලෙ ඉඳන් ආසාවක් තිබෙණෙ දොස්තර කෙනෙක් වෙන්න. ඒත් මට ඒ හීනෙට ළංවෙන්නවත් බැරි වුණා. ඒ හින්ද වෙදකම බැරි නම් හෙදකම කියල මම හෙදකම ගැන පාඨමාලාවකුත් හැදෑරුව. අවසානෙ මට හිතුනෙ මේ වැඩේ හරියන්නෑ කියල. කොල්ලෙකුට නර්සින් කියන්න නිකම් ගැලපෙන්නෙනෑ වගේ නෙ. අනිත් එක මේ ඉන්දියාවේ නම් නර්සින් රස්සාව කරල මනුස්සයෙකුට දියුණු වෙන්න පුලුවන් ද. මට ආරංචි වුණා පිටරට වල නම් මේ වැඩේට හොඳට ගෙවනව කියල. ඒ ආරංචිය ලැබුණ වෙලාවෙ ඉඳන් මගෙ ඔලුව වැඩකරන්න ගත්තෙ කොහොමින් හරි පිටරටකට පැනගන්න විදිහක් ගැන. ඒත් මෙච්චර ලස්සන කේරළේ දාල යන්නෙ කොහොමද කියල විතරක් මගෙන් අහන්න එපා. ඇත්ත. මේ පරිසරේ පුදුම ලස්සනයි. බැලු බැලූ අත කොළ පාට.. නිල් කැටේට වතුර ගලන ගංගාවල්, උසට උස පොල් ගස්.. මේ පළාතට "දෙවියන්ට උරුම රට" කියන නම පටබැඳිල තියෙන්නෙ නිකම් නෙවෙයි. ඒත් මේ ජීවිතේ ඔය පරිසරේ තරම් ලස්සන නෑ.
Saturday, September 11, 2021
එපා වැසි වස්වන්න......
Tuesday, September 7, 2021
කුඩා තෘණ පඳුරු
Sunday, September 5, 2021
The Virgin Suicides (1999)
1972 අවුරුද්දේ නිර්මාණය වුණු Godfather චිත්‍රපටය ගැන නොඇසූ කෙනෙක් ඉන්න විදිහක් නෑ. එය ඒ තරම් ජනප්‍රියත්වයක් දිනාගත්ත සහ මෙතෙක් නිර්මාණය වුණු හොඳම සිනමාට අතරට තෝරාගැනෙන නිර්මාණයක්. Godfather අධ්‍යක්ෂණය කරන්නෙ Francis Ford Coppola නම් ඇමරිකානු සිනමාකරු. Francis Coppola, Godfather චිත්‍රපට ත්‍රිත්වයට අමතරව Apocalypse Now, Bram Stoker's Dracula වගේ සිනමා ඉතිහාසයේ නොමැකෙන සිනමාපට ගණනාවක් බිහිකළ නිර්මාණකරුවෙක්. නමුත් සිනමාව වෙනුවෙන් ඔහු ලබාදී අති වටිනාම දායාදය නම් තමන්ගේ දියණිය Sofia Coppola බව කිව්වොත් වරදක් නැති වේවි. ඇගේ රුව මුලින්ම කැමරා ඇසකට හසුවෙන්නේ ඇයට අවුරුදු 1ක් වයස වෙද්දීමයි. ඒ Godfather චිත්‍රපටය වෙනුවෙන් වුණු දර්ශනයකට. පසුකාලීනව පියාගේ චිත්‍රපට වැඩකටයුතුවලට සහාය දෙමින් හැදී වැඩෙන ඇය සිනමාකාරියක් විදිහට තමන්ගේම අනන්‍යතාවක් සහිතව චිත්‍රපට නිර්මාණයට පිවිසෙනව. ඒ 1999 වසරේ The virgin suicides චිත්‍රපටය තිර රචනාව සහ අධ්‍යක්ෂණය සිදු කරමින්. The virgin suicides බිහිවෙන්නේ Jeffrey Eugenides නම් ලේඛකයා මෙනමින් ම රචනා කල සම්මානනීය නවකතාව ඇසුරෙන්.