Wednesday, December 15, 2021

දෙවියන් සෙවීම....

සෙක්ස්ටන් මහත්මිය දෙවියන් සොයා නිවසින් පිටව ගියා ය..
අහස දෙස බලමින් ඈ ගමන ආරම්භ කළා ය.
විශාල සුදු දේව දූතයෙකු අත්තටු සලමින්
අහසින් මෑත්වනු ඇතැයි ඈ බලා සිටියා ය.

කිසිවෙක් හමුවුණේ නැත...

සියලු පතපොත ඈ පෙරළා කියවා බැලුවා ය.
පොත් පිටු ඈට සෝපහාසයෙන් සිනාසුණි..

කිසිවෙක් හමුවුණේ නැත...

මෙලොව වසනා ශ්‍රේෂ්ඨතම කවියා සොයා
සැදැහැ සිතින් ඈ නික්මී ගියාය.
ඔහු මහ හඬින් ඈනුමක් ඇරියා මිස 
කිසිවක් නොකීවේය..

කිසිවෙක් හමුවුණේ නැත...

ඈ නොයෙකුත් සංස්කෘතීන් ගැන උගත්තාය..
සියලු දෙව්මැදුරු කරා ගොස් යැද්දා ය...

කිසිවෙක් හමුවුණේ නැත...

ඇය අත්ලාන්තික්, පැසිෆික් සාගර පසු කලාය..
නිසැකවම දෙවියන් හමුවෙතැයි සෙව්වාය..

කිසිවෙක් හමුවුණේ නැත...

ඇය බුද්ධ ද බ්‍රහ්ම ද සොයා ගියා ය..
පිරමීඩ පීරා සැරිසැරුවා ය...

කිසිවෙක් හමුවුණේ නැත...

ගමන නිමකර ඇය නිවස කරා පැමිණියාය...
සියලු දෙවිවරුන් ඇගේ නානකාමරය තුළ සිරවී ඉන්නා බව දුටුවා ය..

"ඇති යන්තම්!"
ඇය හඬ නැගුවාය..
ඉන්පසුව නිවසෙහි දොර වසා ගත්තාය..
.
.
.
- Anne Sexton කිවිඳිය ගේ Gods පැදිය ඇසුරෙන්



3 comments:

  1. අපගේ සින්ඩියේ ඔබට ඉඩක් වී ඇත! ගොඩවී බලන්න - කැටපත් පවුරේ!

    මේ දැනට ක්‍රියාත්මක වැඩිම වපසරියක් තුල පැතිරුණු සින්ඩියයි. බ්ලොග් 1150 ක්!

    අළුතින් බ්ලොග් ලියන්නන් සඳහා වෙන්වුනු "එන්න මගේ ප්‍රිය මිතුරෝ" කොලමට ගොඩවී දුහුනන්ගේ මැවුම් සඳහා දිරි දෙන්න අමතක කරණ්න එපා!

    අපගේ සින්ඩිය පිළිබඳව ඔබගේ බ්ලොගය මගින් ප්‍රචාරණයක් ලබා දීමට කාරුණික වන්න!

    ReplyDelete
  2. අපි හොයාගෙන යන ගොඩක් දේවල් අන්තිමේදි බලනකොට අපි ළඟම තිබිලා. :)

    Nicholas Sparksගේ The Last Song පොතේත් මේ ගැන හරිම ලස්සනට විස්තර වෙලා තිබුණා. ඒ කතාවේ තාත්තාත් දෙවියන් හොයාගන්න සෑහෙන්න කාලයක් තිස්සේ මහන්සි වුණා. ඒ ගැන එක තැනක මෙහෙම සඳහන් වෙනවා:
    "වසර ගණනාවකට පසු පළමුවරට තම පැනයන්ට පිළිතුරු ලැබී ඇති බව ඔහු දැනගත්තේය... දෙවියන් සෑම තැනකම, සෑම මොහොතකම සිටිනා බවත්, සෑම කෙනෙකුටම හමුවන බවත් ඔහු අවසානයේදි වටහාගත්තේය...
    සිය දරුවන් හා ගෙවුණු පසුගිය මාස කිහිපය තුළ ඔහුට දෙවියන්ගේ එම ශුද්ධ වූ ස්පර්ශය නොඅඩුව ලැබී ඇති බව ඔහු පසක් කරගත්තේය..."

    ReplyDelete