ලැබුණොත් කාල යන්ත්‍රයක්
ආපසු යමි
වසර ගණනක් ඈතට
පොඩි බෑගයක් පිටේ එල්ලා
පාසැල් බසයෙ නැගී ගිය
පොඩි එකෙකු තුළට...
අම්මෙකුගෙ අතේ එල්ලී
පාසල් යන
ඒ කුඩා ළදැරිය දෙස
තව වතාවක් බලමි හොඳට...
දුර ඈතක දිදුළන
මළානික තරුවක එළිය දෙන
ඒ සෝබර දෑස ද,
මෘදු මල් පියල්ලක් බඳු
සුසිනිඳු ඒ මුහුණද,
සඳ එළියවන් ඒ
බිඳුණු සිනහවද,
තබාගමි මතකය තුළම..
නොස්ටැල්ජියාවක් නෙමේද ඒක
ReplyDelete