Monday, October 16, 2023

Sapta Sagaradaache Ello - side A (සප්ත සයුරෙන් එහා තැනක) (2023)

 කැසට් කියන්නෙ 80, 90 දශකවල ළමා කාලෙ ගත කෙරුව අපි කාටත් තියන නොස්ටැල්ජික මතකයක්. මං හිතන්නෙ ඔය කාලෙදි කැසට් පටි ඇදගෙන සෙල්ලම් නොකරපු, ටේප් රෙකෝඩර්වලින් අපේම කටහඬවල් රෙකෝඩ් කර කර නොඅහපු කවුරුත් නැතුව ඇති. ඒකාලෙ අලුත්ම ගායක ගායිකාවො, අලුත් සින්දු අපි අතරට ආවෙ කැසට්පීස් වලින්. ඉන්ටර්නෙට්, යූටියුබ් එන්න කලින් යුගයේ ඒ තරම් ජීවිතේ එක්ක සම්බන්ධ දෙයක් වෙලා තිබ්බා කැසට් එක අපිට. හැබැයි මේ වගේ කැසට් එකක් කෙනෙකුට ජීවිතේ තියන එකම වටිනම වස්තුව බවට පත්වෙන්න පුළුවන් සමහරවිට. ඒක වෙන්නෙ කොහොමද කියල දැනගන්න නම් Sapta Sagaradaache Ello - side A කන්නඩ චිත්‍රපටය බලන්න වෙනව.

මේ චිත්‍රපටියෙ ඉන්නව බොහෝම අගහිඟකම් මැද්දේ ජීවත් වුණත් තමන්ගේ ප්‍රේම සම්බන්ධය මල්ඵල ගැන්විලා දෙන්නා විවාහ වෙලා එකට ගතකරන ජීවිතයක් ගැන හීන දකින දෙන්නෙක්. මනූ සහ ප්‍රියා. මේ ජීවිතේ මේ මොහෙතේ අමාරුකම් එක්ක පීඩා විඳිද්දී ප්‍රියා කියනවා මනූට එයා ජීවිතේ ෆාස්ට් ෆෝවඩ් කරලා බලනව කියලා. කැසට් පීස් එකක් වගේ ජීවිතේ ෆාස්ට් ෆෝවඩ් කරන්න බැරි බව ඇත්ත. ඒත් ප්‍රියාගේ ඒ කතාවෙන් කියවෙන්නෙ ජීවිතේ ගැන අපිට තියන හීන ගැන. මිනිස්සු විදිහට අපි කාල බීල පැවතුණාට ජීවිතේ ඉස්සරහට ඇදගෙන යන්න හයිය දෙන්නෙ අපිට තියන හීන... විශේෂයෙන් ආදරේ කරන දෙන්නෙකුට.. ආදරේ කරන කාලෙ කියන්නෙම එකම හීනයක් තමා. හැබැයි ප්‍රියා අර විදිහට මනූ එක්ක කිව්ව වෙලාවේ එයාට ඇත්තටම ජීවිතේ ෆාස්ට් ෆෝවඩ් කරලා බලන්න පුළුවන් වුණා නම් එයාට දකින්න ලැබෙන දේ කොයිතරම් සෝචනීයයි ද කියන්නේ සමහර විය ඒ ෂොක් එකටම එයාගෙ හදගැස්ම ඒ මොහොතෙම නතරවෙන්නත් තිබුණා. 

අන්තිමට බැලුවම හීන තමයි හැමදේටම මුල....

Sapta sagaradaache ello - side A මේ අවුරුද්දට ඉන්දියාවෙ කන්නඩ සිනමාවෙන් ආව කවියක් වගේ ලස්සන සිනමාපටයක්. ඒත් ඇත්ත ජීවිතේ තිත්ත යථාර්ථයම පදනම් කරගෙන කතාව ගොඩනැංවිලා තිබීමයි මං මේකෙ දැකපු විශේෂත්වෙ. ඒ නිසාම වෙන්නැති මේ චිත්‍රපටයට සෑහෙන හොඳම මට්ටමේ ප්‍රතිචාර ලැබිලා තියෙන්නෙ.

 Rakshit Shetti (Charlie 777) ගේ අපූර්ව රඟපෑම සහ Rukmini Vasant ගේ මායවක් වගේ සෞන්දර්ය පිරුණු, ඉන්දියාවටන අනන්‍ය සුන්දරත්වයෙන් හැඩ වුණු රූප කාය නරඹන කෙනෙකුව ඇදබැඳ ගන්න මැජික් එකක් වගේ චිත්‍රපටය පුරා තැවරිලා තියනව. රුක්මිණිත් ප්‍රියාත් කියන්නෙ දෙන්නෙක් නෙමේ මට නම් එක්කෙනෙක්. මේකෙ Director and Screen writer වෙන්නෙ Andhadun මෑතකාලීනව ඉන්දියාවෙන් ආව සුපිරි ගණයේ thriller චිත්‍රපටයෙ තිර රචනාව කල Hemanth M. Rao ම යි. 

කැසට් එකක නම් අහන්න පුළුවන් පැති දෙකක් තියනවනෙ. මේ එක පැත්තක කතාව Side A. එතනින් ඔක්කොම ඉවරයි කියල හිතුවට ඉවර නෑ. තව තියනව. ඒ තමා Side B. කැසට් එකේ ඉතුරු කොටසෙ කතාව. ඒ චිත්‍රපටය එන්නෙ මේ මාසෙ අන්‍තිමට වගේ මතක විදිහට. මං හිතන්නෙ කෙටිම කාලයකින්, ඒකියන්නෙ මාස කීපයක් ඇතුළත චිත්‍රපටයක දෙවනි කොටසත් එන දුර්ලභ අවස්ථාවක් මේක..

තවමත් බලල නැත්නම්, ඉන්දියානු Romance/ Drama වලට ප්‍රියයි නම් මේක miss කරගන්න එපා. දැන් Side A කතාව බලලා ලබන මාසෙ වගේ කැසට් එකේ ඉතුරු කොටස Side B බලන්න ලෑස්ති වෙන්න..



2 comments:

  1. අජිත් ඩී - මුල්ලේරියාවOctober 16, 2023 at 10:50 AM

    කැටස් වලින් අපි සෙල්ලම් කරා ඒ කාලේ රන්දික මල්ලි.

    හරිම රසවත් ළමා කාලයක් තිබුනේ.

    ReplyDelete
  2. අජිත් ධර්මකීර්ති මහතා සෝවියට් රුසියාවේ විශ්ව විද්‍යාලය ඉගෙනුම සදහා යවන ලද්දේ එවකට කැබිනට් අමාත්‍යවරයෙකු වූ රනිල් වික්‍රමසිංහ මහතා විසිනි. මේ පිළිබඳව සත්‍යය බොදු බල සේනාවේ විධායක නිලධාරී ඩිලන්ත විතානගේ මහතාගෙන් දැනගත හැක.

    අජිත් මහතා ලබා ගත්තේ මොණරාගල ප්‍රදේශයේ විසු දක්ෂ සිසුවියකට ලැබී තිබුණු ශිෂ්‍යත්වයක් බව කියවෙ.
    එම සිසුවිය කලකිරීමට පත්ව මාර්ගයේ ගමන් කරනා විට රිය අනතුරකට ලක්ව දුක් විඳ පසුව මිය ගියාය.

    රනිල් වික්‍රමසිංහ ඇමතිවරයාගේ අනුහසින් රුසියාවට ගිය අජිත් ධර්මා මහතා සිදුකලේ තරුණ ගැටවුන් සමග කම්සැප විඳිමින් විනෝද වීමය.
    විනාශ කලේ රටේ මුදල්ය.

    මේවාට කවදා හරි වන්දි ගෙවීමට අජිත් ධර්මා මහතාට සිදුවනු ඇත.

    ReplyDelete