දකුණු ඉන්දියාව සිනමාවෙන් මුලු ලෝකෙම අල්ලගෙන යද්දි හරිහමන් අලුත් කතන්දර නැතුව දැන් ලොකු අර්බුදයකට මූණදීල ඉන්න සහ කතා කරන්න තරමේ හරි හමන් මට්ටමෙන් ලොකු වැඩක් නොවෙන ගාණට පත්වෙලා ඉන්න බොලිවුඩ් සිනමාවේ මරු කතරට දියපොදක් ඉසින්න කරන් ජොහොර් මේ අවුරුද්දේ අරගෙන ආව අලුත්ම වැඩේ තමා Rocky Aur Rani Ki Prem Kahani කියන්නෙ. බොලිවුඩ් වල අයිඩෙන්ටිය වුණ Romantic Comedy, plus සින්දු සහ නැටුම්, ඇස් කඩාගෙන යන Colourful backgrounds and ලොකු ගෙවල් ඇදුම් අයිත්තම් වගේ දේවල සුපුරුදු අඩු වැඩි mix එකම තමා මේකෙත් තියෙන්නෙ. හැබැයි වැඩේ තප්පරයක් වත් screen එකෙන් ඇස්දෙක අහකට ගන්න නොහිතෙන තරමට eye catching සහ ඇත්තටම හිනා යන විහිළු එක්ක මාරම entertaining. ඒවගේම සමහර තැන්වල play වෙන පරණ හින්දි සින්දු ටිකත් කතාවේ මේ රහ උපරිමේට ගේනන තවත් දායක වෙන බව කියන්න ඕන. රන්වීර් + ආලියා කෙමිස්ට්‍රි එකත් බොලිවුඩ්වල හොදම සොයාගැනීමක් ඇත්තටම, හරියට ශාරුක් කාජල් වගේ තවත් මේ දෙන්නගෙන් ෆිල්ම්ස් හැදෙනවනම් මරු. රන්වීර්ට මේකෙ රගපාන්න දෙයක් තිබුණද කියල හිතෙනව මොකද මීඩියාවලින් දකින විස්කුරුත්තන් ඇදුම් ඇදගත්ත විනෝදකාමී තරුණයාගේ චරිතයම තමා ෆිල්ම් එකෙත් දකින්න ලැබෙන්නෙ. ආලියා ගේ රගපෑම් ගැන කියන්න ඕන නෑ නේ (ඇත්තටම මේක බලන්නත් ලොකුම හේතුවක් වුණේ ආලියා තමා මටනම්). කිව්වත් වගේ ටිපිකල් බොලිවුඩ් මසාලාවක් එක්ක ඉන්දියානු සමාජෙ මුල් බැහැල තියන ගතානුගතිකත්වය, gender discrimination වගේ ඒවටත් සියුම් පහරක් එල්ල කරල තියනව. මං ආසම දෙයක් වුණේ දිල්ලි වල සහ බටහිර බෙංගාලයෙ සංස්කෘතික විවිධත්වය නැටුම් ගැයුම් වලින් මතු කරල තිබුණ ආකාරය. සමස්තයක් විදිහට බැලුවට පාඩු නැති හොද එන්ටර්ටේනින් මසාලා ෆිල්ම් එකක් මේක මටනම්.
Tuesday, September 19, 2023
Thursday, August 24, 2023
සිරකරුවන්ගේ ව්‍යායාමය
"සිරකරුවන්ගේ ව්‍යායාමය" 1890 දී වින්සන්ට් වෑන් ගෝ විසින් නිමවන ලද සිතුවමකි. 1888 දී දැඩි විෂාදමය තත්ත්වයකට මුහුණදෙමින් සිටි වින්සන්ට් එයින් පීඩිතව ඔහුගේම කනක් කපා ගත්තේය. පසුව ඔහු එම කපා දැමූ කන් කැබැල්ල තම සිත් ගත් ගණිකාවක වූ රේචල් නමැත්තියට ඇති ආදරයේ ප්‍රකාශනයක් ලෙස ඇයට තෑගි කර යැව්වේ ය. සමහරුන් පවසන්නේ ඒ දිනවල වෑන් ගෝ සමග නවාතැන් ගෙන සිටි චිත්‍ර ශිල්පී පෝල් ගොගෑන්, වෑන් ගෝ සමග ඇතිවූ ආරවුලකදී ඔහුගේ කන කපා දැමු බවයි. මේ සිදුවීමෙන් පසුව වෑන් ගෝ, සෙනට් රෙමී නම් උන්මන්තකාගාරයට ඇතුළු වී එහි වාසය කළේ ය. එය පසුව ඔහුට බොහෝ දුක් වේදනාවන් සහ ජීවිතය පිළිබඳ නව පර්වායලෝකයන් ගෙන දුන් තැනකි.
උන්මත්තකාගාරයේ සිටින අතරතුර වෑන් ගෝ ට බාහිර ලෝකය සමග සම්බන්ධතා පැවැත්වීමට තිබූ ඉඩ කඩ සීමා සහිත විය. එම නිසා ඒ කාලය තුළ වෙනත් චිත්‍ර ශිල්පීන්ගේ සිතුවම් ප්‍රතිනිර්මාණය කරන්න ඔහු පෙළඹුණි. ගුස්ටාව් ඩෝර් ගේ ලන්ඩන් නිව්ගේට් සිරකදවුරේ දර්ශනය සහිත සිතුවම ඉන් එකකි. මේ සිතුවම තුළ, ගඩොලින් තැනූ සිර මැදිරියක් තුළ, මුරකරුවන්ගේ හඳුනාගැනීම සඳහා, කවාකාරව ගමන් කරමින් ඉන්නා සිරකරුවන් කණ්ඩායමක් දක්නට ලැබෙයි. වෑන් ගෝ විසින් ප්‍රතිනිර්මාණය කරන ලද සිතුවමේ, සිරකරුවන් සියලු දෙනා කවය ඇතුළතට හිස හරවා ගෙන සිටිද්දී මැද සිටින තැනැත්තා පමණක් ඉවත බලා ගෙන සිටින ආකාරය දක්නට ලැබෙයි. ඔහු තුළින් නිරූපිත වන්නේ වෑන් ගෝ බව බොහෝ දෙනා විශ්වාස කරති.
~ History Captain
Monday, August 21, 2023
නොගත් මග
Monday, August 14, 2023
සතුට සොයා යාම
Monday, August 7, 2023
introversion ගැන කෙටි පිළිසඳරක්
Thursday, July 27, 2023
විනාඩි තුනෙන් එහා
Thursday, July 13, 2023
පියාපතක් වන් ජීවිතයක නික්මයෑම
"නවකතාව යනු වීරයෙක් හසු කරගැනීම සඳහා වූ උගුලක් නොවේ නම් වෙන කුමක් ද?"





