Wednesday, January 3, 2018

කවියාගෙ බිරිඳ...


තිත්ත කළුවර
ගෙට ගලන
මැදියමක
අතගගා
පිනිකැට
කවි කතා
ගොත ගොතා
සඳ තරු වලට
ඔබ මොකක් කරනවද
එළිමහනටවී
ඔතන...

ගෙවී යන්නට 
ළඟ ය
රැයේ 
මිහිරිම පැය..

අඳුරු ය...
හීතලය
තවම 
මගෙ කුටිය..





9 comments:

  1. Replies
    1. කවියන්ගේ බිරින්දෑවරු විඳින්නේ එසේ මෙසේ දේවල් නොවේ.... මහා පුරුෂයකුට බිරිඳක්ව පොතේ ඒ ගැන සනාත කරන කරුණු ගොඩයි.
      මේක ගොඩක් පොදුත් නැති, බොහෝ පොදු කාරනාවක්

      Delete
    2. මමත් ඒ කාරණා කියවා තියනව...අපිට අහන දකින අපේ අත්දැකීම් සීමාව ඇතුලෙ විදින්න ලැබෙනව...මම හිතන්නෙ කවියෙකුගෙ තියන භාවාතිශය නිදහස්කාමී සිතුවිලි රටාව නිසා එහෙම වෙනව ඇති...

      Delete
  2. මේක හරිම අපූරුයි.... මමත් කාලෙකට කලින් මේ හා සමාන එකක් ලිව්වා... මෙතන තියෙනවා ඒක

    https://kavisandalla.blogspot.com/2017/06/blog-post_18.html

    ReplyDelete
    Replies
    1. //මධු සඳත් නිවෙන්නට අහවර
      කෝ කොහිද හොයනවා පොඩි වෙච්ච මල් පැස//

      එතන මම කැමතිම...කවියාත් කවියත් එකක් නොවී දෙකක් වුණ තැනකදි තමා එහෙම වෙන්නෙ.....

      Delete
  3. මහේ හොඳම යාලුවෙක් ගේ බිරිඳ මතක් උනා. මිනිහා ලංකාවේ අංක එකේ ගිටාර් වාදකයෙක් වගේම සංගීත අධ්‍යක්ෂකවරයෙක්..

    ReplyDelete
    Replies
    1. කලාකාරයෙක් ගෙ එ ජීවිත රටාව තේරුම් ගත්ත කෙනෙකුට මිස ජීවත් වෙන්න අමාරුයි වෙන කෙනෙකුට....

      Delete
  4. මගේ හිතට ගොඩක් ලගයි. හැමදේම සතුටින් විදගන්නවා .

    ReplyDelete