Wednesday, April 25, 2018

කුණාටුවක පසුවදන


මහ කුණාටුවෙන් පස්සේ
ඇදවැටී පණ අදින ගහකොල අස්සේ
ඊට පසුවදන් සපයන්න
බොහෝ දෙන එක් වුණි....

විපතින් වැනසුන වනයක
දුක් කඳුළු රස කර කර
රැහැයි මුව අගින් ගැයුණි..

ලිං මැඩි සහෝදර පිරිස ද
සිය පුරුදු නාදයෙන්
අත්වැල් ගායනෙන් එක් වුණි..

කුරුලු ගොදුරකින් මී කුණකින්
කුස පුරවා ගන්න
රාජාලි සෙනගද
හෘද සංවේගයෙන් බිමට බැස
ශෝක පණිවුඩ තබා ගොස් තිබුණි..

මහ තුරු කඳකට යටව
මියැදෙන පොඩි පැලයක දෙකක 
අවසාන හුස්ම හෙලන තෙක් ලඟ ඉන්න

කැදලි කැඩී 
බිජුවට විසිරී ගිය
කුරුලු මව් පිය යුවලක් සනසන්න

ල දළු මල් කැකුලු එක්කම
අතු ඉති අහිමි වුණ ගසක් මත
සෙනෙහස බිඳක් තවරන්න
කවුරුවත් කොතැනකවත් නොවුණි...





6 comments:

  1. ඉතාම තිත්ත ඇත්ත. !

    ReplyDelete
  2. කෙනෙක්ගේ විපත තව කෙනෙක්ගෙ සැපත වෙලානේ. අද වැඩිපුර වෙන්නේ ඔය දේනේ.

    ReplyDelete