Wednesday, April 4, 2018

ඈ වෙසෙනා නිවහන


බොහෝ උස් පවුරකින් වට වී
තිබෙයි ඈ වෙසෙනා නිවහන 
වා කවුළු ඉදිකර තිබුණද පළින් පළ
විවර නොවේ කිසිවක් සුළඟකට.

වැසි වසිත් මෙහි කලට නොකලට
නොයයි බිඳුවක් රළු බිත්ති පසුකර
කිසියම් තෙතක් හෝ මෙතක් නොරැඳෙනා ලෙස
පායා ඒ ය සැඩ හිරු මේ පොළව මතුවට.

වියළි තණපලසට ඈ කුටිය අබියස
අමතකය ලද බවක් කිසි දිනක ඈ පා පහස
ගෙ උයනේ කොණක පටු උද්‍යාන බංකුව මත
ඈ උන් බවක් දැක නැත සියොතුන් ද.

එහෙත් හිතවතුනි රෑ මැදියමට
සඳ තරු පවා නිදිගත්ත මොහොතක
යම් කුඩා කණමැදිරි එළිබිඳක් 
ඈ නිදන කුටියෙන් මතුව එන බව 
දැක තිබේ නොනිදා ගී ගයන රැහැයියන් කැල.





6 comments:

  1. අනේ එක්ටැම් ගෙයක් වද්ද ඒ නිවහන?? කවුද ඒකේ සිරකාරි උනේ.

    ReplyDelete
    Replies
    1. තමන් විසින්ම හදාගත් එකක් වෙන්න බැරිද එ්ක,

      Delete
  2. ලස්සනයි මල්ලි !

    කවුද මේ සිරකාරිය හැබෑටම
    ?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි... එහෙම විශේෂ කෙනෙක් නැහැ..ඒත් අපිට දකින්න පුලුවන් සමහර අය ...බොහෝ වෙලාවට අපිත්..අපි විසින්ම හදාගන්න යම් සීමා බන්ධන ඇතුලෙ හිරගත වෙලා ඉන්නව.....අපි විවෘත නැහැ සමහර අවස්ථා වලදි...මේක එහෙම දකින්නත් පුලුවන්.....

      Delete