Monday, April 9, 2018

කොවුලෙකුගෙ ජීවිතය


ඔබ දකින තරමට
ලේසි නැහැ මිතුර
කොවුලෙකුගෙ ජීවිතය ....

වසන්තය එන දවස්
මෙන්න මේ යැයි කියා
කල් තියා දැන ගත යුතු...

ශ්‍රුති තාල පිහිටුවා
නිවැරදි ස්වර ගයන්නට
දිවා රෑ හඬ පුහුණු කල යුතු.

එකම ගීතය වුවද
මුලු දවස
උගුර ලේ රහ වන තෙක්ම ගැයිය  යුතු.

කැදැල්ලක් තනන්නට
කෙවිලිය රකින්නට
පැටවුන් උස් මහත් කරන්නට
ඉස්පාසුවක් නැති බැවින්
අනුන් ලඟ බිජුවට තැන්පත් කල යුතු.

වැඩුණු කල පැටවුන්
උන්ට එලව එලවා පහර දෙද්දි කපුටන්
ඇස කඳුලු පියාපතකින් පිසදාගත යුතු.

එබැවින් මිතුර 
ඔබ දකින තරමටම
ලේසි නෑ 
කොවුලෙකුගෙ ජීවිතය. 

2017/04/09





4 comments:

  1. අනේ මන්ද ඔයාටත් හිතෙන දේවල්.

    ReplyDelete
  2. එතරම් ම දුක් ඇති
    ජීවිතයේ රස කැවිලි පෙට්ටියෙන්
    රස පිරුණු සිංදුවක්
    අපි ළගට ගෙන්න ට
    හිත හදා ගත් හැටි

    ReplyDelete
    Replies
    1. රස පිරුණ ගීයකට
      පිනවුණත් දෙසවන
      කිසිවකුත් නොදකින
      රිදවුමක් කොවුලන්ටද වෙත....

      Delete