Thursday, August 16, 2018

October (2018)


කියාගන්න බැරි මොකක්දෝ හිස් හැඟීමක් එක්ක ඔක්තෝබර් බලල ඉවර කළා. ඇත්තටම ඒක මහ හිස් හැඟීමක්. චිත්‍රපටයක සාමාන්‍යයෙන් අපි බලාපොරොත්තුවෙන්නෙ අභිරහස් අනාවරණය වීමක්, නොහිතූ විරූ සිදුවීමක්, විශාල කුතුහලයක් එක්ක තිගැස්මක් ඇතිකරවන අවසානයක්. ඒත් ඒ දේ මේ කතාවෙ දකින්න ලැබෙන්නෙ නෑ. යම් නිශ්චිත තැනකින් පටන් අරගෙන අවසන් වෙන කතාවක් කියනව වෙනුවට මේ චිත්‍රපටය, සිද්ධිදාමයක් එක්ක පැය එකහමාරකට ආසන්න කාලයක් නරඹන්නාව ගමනක් අරගෙන යනව. ඒ ගමන ඇතුලෙ අහන, දකින දේවල් වලින් මතුවෙන විඳීම්, විඳවීම් හරහා තමයි මේ කතාව අල්ලගන්න සිද්දවෙන්නෙ.  නාහෙට අහන්නැති, හිතුවක්කාර තරුණයෙක් වුණ ධනේෂ් වාලියා එහෙම නැත්තම් "ඩෑන්" ව මුල් කරගෙනයි මේ චිත්‍රපටය ගොඩනැගෙන්නෙ. තමන්ගෙ සේවථානයෙ වැඩ කරන, තමන් එක්ක ලොකු බැඳීමක් නැති, යන්තමින් හඳුනන, තරුණියක් හදිස්සි අනතුරකට ලක් වුණාම, ඈ වෙනුවෙන් ඩෑන් තමන්ගෙ ජීවිතයේ කරන කැපකිරීම තමා චිත්‍රපටය පුරාම අපි දකින්නෙ.  ඉතාම සුන්දර රූපමාලාවක් මේ චිත්‍රපටයෙ බොහොමයක් තැන් වල දකින්න පුලුවන් ඒ වගේම සංගීතයෙනුත් ඒ හැඟීම මතුකරන්නෙ කටුවකින් ඇනගන්නව වගේ මතක් කර කර රිදවාගන්න පුලුවන් ඉමිහිරි වේදනාවක් ඇති කරමින්..

එතකොට මේ ඔක්තෝබර් කියන නම මේ කතාව එක්ක ගැලෙපෙන්නෙ කොහොමද? චිත්‍රපටයෙම සඳහන් වෙන විදිහට ඔක්තෝබර් කියන්නෙ සේපාලිකා මල් පිපෙන කාලෙ. සේපාලිකා පිපුනම පළාතම සුවඳයි.  ඒ තරම් සුවඳක් ඒක. ගහක් පිරෙන්න සේපාලිකා පිපුණම ඒක හරි සුන්දර දර්ශනයක්. ඒත් දවසක මේ මල් ගහ පාමුල ඇදවැටෙනව. ලස්සන, සුවඳ , මැකී ගිහින් මතකයක් විතරක් ඉතුරු කරල ඒ මල් පරවෙලා යනව. කොයි තරම් සුන්දර වුණත් ඒ තමා මලක සොබාවය. ඔක්තෝබර් කියන්නෙ මේ ජීවිත යථාර්ථය කියලයි මම හිතන්නෙ





2 comments:

  1. රන්දික මමත් මගේ බිරිදත් මේ චිත්රපටය බැලුවෙ ඔබේ සටහනෙන් පස්සෙ . වෙනස්ම සිත්තමක් . ඔබේ සටහන් වෙනස් චිත්‍රපට බලන්න යොමුවක් . සමහරවිට ඔබ බලල ඇති . නැත්නම් Submission බලන්න . තවත් වෙනස් කතාවක්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඒ අගය කිරීමට...!

      Delete