Tuesday, October 30, 2018

දවසක් ඒවි


ළඟ ම ළඟ කටහඬක් වුණත්
දුරකථන මුවකින්
බොහෝ දුර වී ඇහෙන
දවසක් ඒවි
දවසක...

රත් වළාකුළු 
අහසේ
පාවි පාවී තියේවි..

ඉර වුණත්
ඇඟිලි ගැන ගැන ඇවිත්
මුහුදු පතුලට පැන
නිවේවි...
හැන්දෑව..
ඔහේ ගතවේවි...

නික්ම ගිය තැන්
මුණගැහුණ තැන්
පහුකර
පහුකර 
යන්න සිදුවේවි..
යම් දෙයක් ඇති බව
මේ අතු අගිසි වල
බිම හැලුණු මල් වල
උද්‍යාන බංකු වල
සමහරවිට කවියක් දෙකක් ලියවේවි...
(සමහර විට එහෙමත් නැති වේවි)

සේපාලිකා ගස්
ලිය මඩුළු අගිස්සෙන්
බේරි බේරි
හඳ එළිය
අමාවක දාටත්
පෙනේවි...

ඉතින් 
දවසක
ළඟ ම ළඟ කටහඬක් වුණත්
දුරකථන මුවකින්
බොහෝ දුර වී 
ඇහෙන
දවසක් ඒවි...





8 comments:

  1. මේ නම් මගේ ජීවිතයම වගෙයි හරියටම. ඔබ සීරුවෙන් වචන ගලපලා තියෙන විදිහ හරිම ලස්සනයි. ජයවේවා!

    ReplyDelete
  2. සමහරවිට කවියක් දෙකක් ලියවේවි
    හ්ම්...
    හැමදාමත් වගේ අදත් හරිම ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ඒහෙම ලියවෙන දේවල් තමා මේ ... බොහොම ස්තූතියි!!

      Delete
  3. කාලෙත් එක්ක දේවල් වෙනස් වෙන හැටි ... හරි ලස්සන ගැලපීමක් ....

    ReplyDelete