අවන්හලේ අයකැමි අසුනෙහි ඇය වාඩිවී සිටියා ය.
මුදල් නෝට්ටු මාරු කරමින්, එකතු කිරීම්, අඩු කිරීම්, වැඩි කිරීම් අතර
නිතර එන යන ගැහැණුන්, මිනිසුන් දෙස ඈ නෙත් හෙලුවා ය.
"ගින්දර නැත" පුවරුව හරියටම ඇගේ හිස වම් පසින් විය.
ඒ හා යාබදව නාඳුනන මුහුණු අතරේ සරන ඇගේ දෑස ය.
සැබවින්ම, ගින්දර හැර අන් කිසිවක් එහි නොවී ය..
No comments:
Post a Comment