අහම්බෙන් මෙන් දිනෙක
වෙනත් ගමනක් යමින් සිටි විටෙක
දුටුවෙමි ඔබ ඔහු සමග
නගරයේ මැයි මාර ගස යට...
යන ගමනද නැවතිණ
මා ඔබ ද ඔහු කරා සපැමිණ
ඇසීමි කෙලෙසක ද
ආගිය වගතුග..
සිනාසුණි ඔහු මා සමග
කට පුරා හොඳට
ඔබ සිනාසෙන විට
වළ ගැසුණු සළකුණක් ඇස යට
සැණින් මගෙ නෙත ගැටිණ..
"හොඳින් ඉන්නවා අපි
බැඳල අවුරුද්දක් ලබන සතියට
එයාගෙ අම්මවත් බලාගෙන
සතුටින් ඉන්නවා මම...
ඉතින් තාමත් පරණ තැනමද වැඩ?"
"ඔව් එතන මයි
ඔක්කොම ගිහින්... මං විතරයි
දැන් දන්න කියන කවුරුත් නෑ
අලුත් අය ආවත් වැඩි කතාවක් නෑ
පුරුදු වැඩපල කරගෙන ඉන්නවා
ජීවිතෙත් ඔහේ ගෙවි ගෙවී යනවා"
නිහඬතාවේ මොහොතක් දෙකක් ගතවුණි
සුබ පතා ඔබට මා යන්න නික්මුණි
එහෙත් අවසාන මොහොතෙ දි
නොකියූ යම් දෙයක්
තව ඉතිරි වී ඇති බව කියමිණි
එකිනෙක පැටළුණේ
ඔහුටත් හොරෙන්
ලොවටත් හොරෙන්
|
Monday, February 3, 2020
රහසක්...
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment