හැමදාම හවසට
ඉස්ටේෂමේ
මං ඉන්න බංකුව පහුකර
යනවා ඇය..
කෙටි කොණ්ඩෙ
බෙල්ල ගාවට
රත්තරං පාට හම
වැඩියෙ කෙට්ටු නැති
මහතත් නැති
(ඔයා වගේම)
අත් කපපු හැට්ටයට
සාරි අඳින..
දුටු වෙලාවේ පටන්
ඈත නොපෙනී යන තුරුම
මමත් බලාගෙන ඉන්නවා
මට නොදැනෙන්න
හොර ඇහින් වාගෙ
ඈ ත් මං දිහා බලනවා
මට දැනෙනවා..
අදත්
වෙනදා වෙලාවටම
සුපුරුදු පරිදි ඈ එනවා
"දැකල පුරුදුයි ඔයාව
කොහෙදි හරි හොඳට"
අහන්න ද
මගේ හිත කියනවා..
"ඔයා කොහෙද??
ආ.. මමත් ඒ කිට්ටුව
ගිහින් තියනවා මාත්
කීප වතාවක් පාරෙන් ඔය..
මොකද කටහඬ අමුතු
අසනීපයක්වත් ද?"
ඔයාගෙන් ඇහුව හැටි මුල් වතාවට...
අන්න එතකොට
මගේ මතකයට නැගෙනවා..
දැන් ඈ
සෙමින් පියවර තබමින්
මාව පහුකරනවා
ඉස්ටේෂමේ තැනක
බිම වැටී ඉතිරි වුණු කඩල ඇට
එකින් එක අහුලා බුදින
පරෙවියෙක් දිහා
මම ඔහේ බලාගෙන
ඔය ස්ටේෂන් හරිම මෙව්වා සහගතයි අප්පා...
ReplyDeleteඅපූරු කවියක්... තව ලිව්වානම් කියල හිතුනා
ඒකනම් ඇත්ත ... හරි මෙව්වා සහගතයි තමා :D
Deleteස්තූතියි...තව ලිව්වොත් හෑල්ලක් වෙන නිසා පුලුවන් තරම් කෙටියෙන් ලිව්වෙ....
මගේ හිත කොටුවේ, මරදාන වගේම ටොරොන්ටෝවේ යුනියන් ස්ටේසමටත් ගෙනිච්චා.හැමදාම වගේම හිතට වදින එකක්.
ReplyDelete