(පැබ්ලෝ නෙරුදා ගේ poetry කවියේ පරිවර්තනය)
නොසිතූ ලෙස
ජීවිතයෙ එක් යුගයක
පැමිණියා කවිය මා සොයාගෙන..
නමුත් කොතැනක සිටද ?
ශීත ඍතුවේ පවන සමඟ ද?
ගංගාවේ සරැළි අතර ද?
නොදනිමි කෙලෙස කවදාක දැයි
පැමිණියේ එය මා වෙත...
වදනකුදු නොමැතිව
නොනඟාම කිසි හඬක්
නොමැතිව නිහඬතාවය ද ...
එහෙත් කැඳවනු ලැබීමි
දහස් ගණනක් මිනිසුන් අතරින්..
නගරයේ මහ මඟ
දුක් ගිනි අතර දැවෙන
එකෙකු පමණක් වූයෙමි මම
නමුදු එය පැමිණියා මා වෙත...
නොදැනේ
කුමක් පවසන්න ද..
ගොළු වී ඇත මා මුව...
නොපෙනේ කිසිවක්
අන්ධ වී ඇත මා දෑස ද...
එනමුත් සිදුවිය යමක්
ආත්මය තුළ මාගේ
උණ විකාරෙන් ද නැතිනම්
අතරමං සිතුවිලිද මේ..
සොයාගත්තෙමි මඟ
සොයාගත්තෙමි මම එය !!
ඇවිලෙන ගින්න හද තුළ
පෙරළමින් වදන් වලට...
ලීවෙමි බියෙන් සැකයෙන්
පළමු පද පේළිය..
අරුතක් නොමැති යමෙකුගේ
අරුතක් නැති මනස්ගාත !!
එකෙනෙහිම ස්වර්ගය
විවර විණ මා වෙත
මුදා හැරුනි ඉන්
අඳුරු සෙවනැළි සිදුරු කර
හී සර ද, ගින්නද,
නොයෙක් මල් සහ
රාත්‍රිය ද විශ්වය ද
එක වර..
ඉන්පසුව
දූවිලි අංශුවක් තරමේ මම
උරා බී මත් වී
තරුපිරි අවකාශය
පාවී ගියා
ඈතට බාෙහා් ඈතට
ගිනි දැවන නරකාදියන් මිදී
තරුකා අතරට
සුළඟටම පවරා
මා හදවත.
ඔෙබ් පරිව්තන කවි ස්වතන්ත්‍ර තරමටම මිහිරියි. සුන්දරයි. සුමටයි.
ReplyDeleteබොහෝම ස්තූතියි :)
Delete