සුශාන්ත්..
මට උඹව පේනවා..
සාද කතා මැද
මහ හඬින්
හිනාවෙන මිනිස් මුහුණු මැද
උඹේ ඇසිපිය සැලෙනවා..
උස ගොඩනැගිලි වල
සීත කාමර ඇතුළේ
පරිඝනක යන්ත්‍ර මැද
බස් වල කෝච්චිවල
උස්සගෙන බර ගමන් මලු
දුවන මිනිසුන් අතරේ
උඹ හුස්ම ගන්නවා දැනෙනවා..
උස කන්දක් ද ජීවිතේ
පරිස්සම් වී
පියවරෙන් පියවර තබමින්
මහගිරිදඹ නගින්නා සේ
තරණය කලයුතු..
පටු උමගක් ද ජීවිතේ
ඈතින් පේන එළි තිතකට
ආසාවෙන් රිංගා ඇදෙන
අතරමග හුස්ම හිරකෙරෙන
කිසිදාක ඒ එළිය හමුනොවෙන..
උගුලක් ද ජීවිතේ
ගැලවුමක් නැති බව දැන දැනම
යළි බැඳෙන..
තරුවක් නොවෙයි
අහසින් කඩාගෙන වැටුන
සිතුවිල්ලක් උඹ
හිතම හිර කරන..
වාර නම් අනන්තයි
යන්නට හිතුන
ඒ වුණත් නොගිහින්
අපි තව ඉන්නවා මෙහෙම..
සුශාන්ත් ඒ වගෙ තැනක
මට මැවී පේනව උඹෙ මූණ
"මම" යනු "උඹ" ද
"උඹ" යනු "මම" ද
වෙනසක් නැතුව
මට දැනෙනවා උඹව.
"මම" යනු "උඹ" ද
ReplyDelete"උඹ" යනු "මම" ද
වෙනසක් නැතුව
මට දැනෙනවා උඹව
හරි අමුතුයි...
ReplyDeleteඑහෙමමත් නෙවෙයි...