මේ අවුරුද්දෙ Cannes Film Festival එකේ Palme d'Or දිනපු Triangle of Sadness බැලූ ගොඩක් දෙනා ඇත්තටම මේක Palme d'Or දිනන්න තරම් worthy ද කියන ප්‍රශ්නය මතුකරල තිබුණා. Nominate වුණු අනිත් films නොබලා ඒ ගැන මොකවත් කියන්න අමාරුයි. 2017 අවුරුද්දේ Palme d'Or දිනපු The Square ෆිල්ම් එකේ director and writer වුණු swedish ජාතික සිනමාකරු Ruben Östlund ම යි මේ අවුරුද්දේ Triangle of Sadness නිර්මාණය කරන්නෙත්. (හතරැස කින් ත්‍රිකෝණයට) මේක trialogy එකක් වෙන්න තවත් චිත්‍රපටයක් නිර්මාණය කරන බව ඔහු කියනව. Square බලල නැති නිසා ඒ ගැන මොකවත් කියන්න බෑ. Triangle of Sadness නම් Dark Comedy ගණයට වැටෙන්නෙ. Comedy කිව්වම ඇත්තටම හිනා යන සහ ගැඹුරක් තියන විහිලු එක්ක මොහොතක් වත් boring නොවී බලන්න පුලුවන් හොඳ entertaining වැඩක්.
මොකක්ද මේ Triangle of Sadness කියන්නෙ? චිත්‍රපටය මුල්ම ඒ ගැන සඳහන් වෙනව සහ අධ්‍යක්ෂවරයත් චිත්‍රපටය ගැන කතාකරන තැනක දී ඒ ගැන කියනව. Fashion industry එක ඇතුළෙ මේ නම භාවිත වෙන්නෙ මුහුණෙ යම් වේදනාවක දුකක හැඟීමක් මතුවෙන මොහොතේ ඇහිබැම දෙක අතරෙ ඇති වෙන කුඩා ත්‍රිකෝණාකාර සලකුණට. You have a deep triangle of sadness, කෙනෙක් දුකින් ඉන්න බව මුහුණෙන් ප්‍රකාශ වෙනව නම් මෙන්න මෙහෙම කියන්න පුලුවන්.
නමුත් මේ නමින් අරුත් ගැන්වෙන විෂම ත්‍රිකෝණය වෙනත් යමක් වෙන්න බැරි ද? චිත්‍රපටයෙ අන්තර්ගතය ගැන සලකල ඒ ගැන තවදුරටත් හිතල බැලුවොත් මෙහෙම අදහසක් ගන්න පුලුවන්. සමාජයෙ බලය බෙදීයන ධූරාවලිය නිතරම පිහිටන්නෙ ත්‍රිකෝණාකාර ස්වභාවයකින්. සමාජයෙ අති බහුතරයක් දෙනා ඉන්නෙ පතුළේ. ඔවුන් තමයි වැඩිපුර පීඩාවට ලක්වෙන්නෙ අසාධාරණයට ලක්වෙන්නෙ. නමුත් ඉහළින් ඉන්න සියලුදෙනා පවතින්නෙ ඔවුන්ගේ කරමතින්. (මේ ආකෘතිය චිත්‍රපටයෙ "සුඛෝපභෝගී විනෝද බෝට්ටුව" එක්ක සසඳන්න පුලුවන්. පතුලෙ එන්ජින් කාමරවල වැඩකරන බහුතරය සහ උඩ තට්ටුවල උපරිම සැප විඳින ටික දෙනා). පතුලට පස්සෙ තියනව තව ස්ථරයක්. ඔවුන්ට අර පහළම කාණ්ඩයට වඩා ටිකක් වරප්‍රසාද තියනව. නමුත් ඉහළින් එන පීඩනයට ඔවුනුත් යට යි. ඉන්පස්සෙ ඉන්නව මුදුනේම වැජඹෙන ටික දෙනෙක්. ඔවුන් තමයි සමාජයෙ ඉහළින්ම ස්ථරවල ඉන්න කාණ්ඩය. ඔවුන් ගණනින් අඩුයි. නමුත් සියලුම වර්ප්‍රසාද සැප සම්පත් භුක්ති විඳින්න හැකියාව තියෙන්නෙ ඔය කාණ්ඩයට පමණයි. ඔය ඉහළ කාණ්ඩය අහසේ වළාකුළු වල පාවෙමින් ඉන්න කොටසක්. ඔවුන්ට පහළ පොළව ගැන දැනීමක් නෑ. එදිනෙදා ජීවිතේ ගැටගහගන්න අවශ්‍ය සරල දැනුම ඔවුන්ට නෑ. (එක අතකට, හදිස්සියකට සතෙක් දඩයම් කරගැනීම, කෝටු කෑල්ලකින් ගින්නක් පත්තු කර ගැනීම වගේ දැනුමකින් අද කාලෙ කාටද වැඩක් තියෙන්නෙ). චිත්‍රපටයෙන් මේ සුඛෝපභෝගී ජීවිත වල පළමු පැලැන්තියෙ අධි පරිභෝජනවාදී ජීවිතේ වගේම සමාජයෙ ඉහළට ඒමෙ ආශාවෙන් පෙළෙන පහළ පැලැන්තියෙ හැසිරීමත් එක වගේ උපහාසයට ගන්නව. (මේක ඕන නම් 2019 ආපු Parasite එක්ක සසඳන්න පුලුවන්. Parasite යන්නෙ Crime/ Thriller පැත්තට වුණාට මේක ඔය පන්ති විෂමතාව සහ දියුණුවීමේ අරගලය දකින්නෙ Comedy ඇහැකින්) පමණට වඩා දේශපාලනිකව නිවැරැදි වෙන්න උත්සාහ නොකර කාගෙ කාගෙත් සමාජ සමයං වලට එක වගේ පහර ගහන හරි අපූරු සිනමාත්මක වෑයමක් විදිහට Triangle of Sadness හඳුන්වාදෙන්න පුලුවන්.
චිත්‍රපටයෙ නම ගැන තවත් එක කියවීමක් තියනව. මූලික වශයෙන්ම මිනිස් ජීවිතයට බලපෑම් කරන්නෙ ප්‍රධාන සාධක තුනක් එනම් ධනය, බලය, ලිංගිකත්වය. ජීවිතය කියන්නෙ මේ කරුණු තුන වෙනුවෙන් කරන්න සිදුවෙලා තියන නොනවතින අරගලයක් විදිහට අරගෙන Triangle of Sadness කියන්නෙ ඒ ගැන පෙන්වා දෙන විවරණයක් විදිහට හඳුනාගන්නත් පුලුවන්.
චිත්‍රපටයෙ Main female role එක කරන දකුණු අප්‍රිකානු ජාතික නිරූපණ ශිල්පිනියක් වන Charlbi Dean චිත්‍රපටය තිරගත වෙන්නත් කලින් අවාසනාවන්ත විදිහට ජීවිතයෙන් සමුඅරන් තියනව. ඇය වැනි තරුණ ආකර්ශණීය රූපකායක් සිනමාවට අහිමි වීම ලොකු පාඩුවක්. සමස්තයක් විදිහට හැම රංගන ශිල්පියෙකුගෙන්ම හොඳම output එක අරගන්න අධ්‍යක්ෂවරය සමත්වෙලා තියනව. අධ්‍යක්ෂවරය චිත්‍රපටය හැදුණු ආකාරය ගැන කතා කරද්දි නලු නිලියන්ට පිටිපතේ සමහර තැන් වෙනස් කරන්න ඔහු ඉඩ නොදුන්නත් සමහර තැන්වලදි පිටපතෙන් පිට තමන්ගෙම යමක් චරිතය වෙනුවෙන් එකතු කරන්න ඔහු ඉඩදුන් බව කියනව. චිත්‍රපටයෙ සමස්තයක් විදිහට විශේෂයෙන් නැව ඇතුළෙ දර්ශනවල cinematography ඉතාම ඉහළ මට්ටමක තිබුණ. සමහර විට මේ අවුරුද්දේ හොඳම අධ්‍යක්ෂණය විදිහට Ruben Östlund ගෙ නම Academy Awards වලට Nominate වෙන්න හොඳටම ඉඩකඩ තියනව.
මේ හැම දෙයක්ම එක්ක ලෝකයේ වැදගත්ම සිනමා සම්මාන උළෙලක් වුණු Cannes Film Festival එකේ වැදගත්ම සම්මානයක් වන Palme d'Or දිනන්න තරම් Triangle of Sadness වටිනවද කියන දේ ගැන යම් ප්‍රමාණයකින් හරි තීරණයකට එන්න චිත්‍රපටය නරඹන ඔබට පුලුවන්.
No comments:
Post a Comment