සුවිශල මන්දිරයක ප්රධාන ගෘහසේවක නැත්නම් butler (සිංහලෙන් බොටලේරුවා නම භාවිත වෙනවා) කියන්නෙ සෑහෙන ඉතිහාසයක් තියන වෘත්තියකට. දැනට සොයාගෙන තියන විදිහට මේ වෘත්තිය ආරම්භය අතීතයේ ග්රීක රෝම ශිෂ්ටාචාරවල සහ ඉන්පසුව මද්යතන යුගයේ යුරෝපය දක්වා විහිදෙනව. රජවරුන් සහ සමාජයෙ උන් ප්රභූවරුන්ට තමන්ගෙ මන්දිරවල වයින් සහ තවත් මද්යසාරමය පානයන් ගබඩා කල විශාල ගබඩා කාමර තිබුණා. ඔවුන් මේ වයින් ගබඩා කාමරවල සේවයට යොදවා තිබුණේ තමන් ළඟ ඉන්නා විශ්වාසවත්තම වහල් සේවකයාව. වයින් බෝතල රැගෙන එන්නා bottler පසුව butler ලෙස ව්යවහාර වුණ බවයි සඳහන් වෙන්නෙ. පසුව, වයින් ආගර වලට අමතරව, නිවසේ මුළුතැන්ගෙය, කෑම කාමරය ආදි සියලුම කොටස්වලත්, අනෙකුත් සේවයන් ගේත් වගකීම භාරවන විදිහට මේ butter තනතුර විකාශනය වුණා. වහල් සේවකයන් අතරින් ආරම්භ වුණත් අද වන විට ඉතාම ගෞරවනීය සහ වගකීම් බහුල වෘත්තියක් විදිහට මේ ප්රධාන ගෘහ සේවක නම් තනතුර පැමිණ තිබෙනව.
Tuesday, July 27, 2021
The remains of the day (1993)
Monday, July 26, 2021
තමාගෙම අඳුරක්
Monday, July 19, 2021
මට කියන්න.....
Tuesday, July 13, 2021
මුලින් ආ අය වෙති...
Wednesday, July 7, 2021
The Danish girl (2015)
පහුගිය ජුනි මාසයත් එක්ක මුහුණුපොතේ බොහොමයක් ප්රොෆයිල් පින්තූර දේදුණු පාටින් වැසී ගියා ඔබට මතක ඇති. මේ දේදුණු වර්ණ කොඩියත් සමග ජුනි මාසයේ සිදුවෙන සැමරුම මොකක්ද කියන කරණය බොහෝවිට ඔබ දැනටමත් දන්නවා ඇති. නැත්නම් නොදන්නවා ඇති. දේදුණු වර්ණ කොඩිය ලොව පුරා වෙසෙන LGBTQ ප්රජාව නියෝජනය කරන්න යොදාගනු ලබනව. LGBTQ නමින් හැඳිනවෙන්නෙ සුවිශේෂ ලිංගික නැඹුරුතාවන් සහිත කණ්ඩායම්, එනම් Lesbian - ගැහැනුන්ට පමණක් ලිංගිකව ආකර්ෂණය වන ගැහැනු, Gay - පිරිමින්ට පමණක් ලිංගිකව ආකර්ෂණය වන පිරිමි, Bisexual - ගැහැනු සහ පිරිමි දෙපාර්ශවයටම ලිංගිකව ආකර්ෂණයවන ගැහැනු සහ පිරිමි, Transgender - උපතේදි ලබන ලිංගික අනන්යතාව එනම් ගැහැනු/ පිරිමි බව පසුව වෙනස් කරගන්නන්, Queer - එනම් මේ කාණ්ඩ හතරට අමතරව සිටින සියගණනක් පමණ වුණු අනෙකුත් සුවිශේෂ ලිංගික නැඹුරුතාවක් දක්වන කණ්ඩායම් හඳුන්වන පොදු යෙදුමක් (umbrella term - එනම් විශාල විශය පරාසයක් හඳුන්වන්නට යොදාගන්නා තනි වචනයක්). Queer යෙදුමෙන් heterosexual - විරුද්ධ ලිංගියන්ට පමණක් ආකර්ෂණය වෙන්නන් සහ Cisgender - උපතේදි හඳුනාගන්න අනන්යතාව ජිවිත කාලය පුරා පවත්වාගන්නන් හැර අනෙක් සියලු දෙනා ආවරණය වෙනවා.
Thursday, July 1, 2021
The woman in the window (2021)
පුරාණ ග්රීසියේ, මේ කියන්නෙ ක්රිස්තු පූර්ව 10 ත් 4 ත් අතර කාලයෙ නිර්මාණය වුණු නගරවල Agora නමින් එක් සුවිශේෂ තැනක් වෙන් කර තිබුණා. මිනිස්සුන්ට නිදහසේ හමුවෙන්න කතාබහ කරන්න පුලුවන් පොදු අවකාශයක් විදිහටයි Agora ව වෙන් වුණේ. දැන් වගේ විද්යුත් මාධ්ය නොතිබුණු ඒවගේ යුගයක ප්රබලම සන්නිවේදන මාර්ගය වුණේ වචනය, කතාව. මේ Agora වලට එකරැස් වුණු දාර්ශනිකයන්, දේශපාලකයන්, කලාකරුවන් වගේ විවිධාකාර ක්ෂේත්රවල නියැලිලාවුන් අය තම තමන්ගේ විශයයන් පිළබඳ කතා කලා. සංවාද විවාද පැවැත්වුවා. ඒ අතර වෙළෙන්දන් නොයෙක් දේ අලෙවි කරමින් ඔවුන් අතර ඇවිදගියා. Agora කියන්නෙ මෙන්න මේ වගේ පොදු සංවාද භූමියකට. (පොඩ්ඩක් හිතල බැලුවම දැන් facebook එක කරන්නෙත් ඉස්සර මේ Agora ව කරපු වැඩේද කියල හිතෙනව) කොහොමවුණත් අද වෙනතුරු පොදු අවකාශ සම්බන්ධයෙන් නාමකරණය කරනකොට මේ Agora නම් පදය භාවිතයට ගන්නව.
Saturday, June 26, 2021
The secret in their eyes (2009)
" පිටත්වෙන්න සූදානම් වුණු දුම්රිය, වේදිකාවෙ නවත්වා තිබුණ. ගමන් බෑගය අතට ගත්ත ඔහු ගලා යන මිනිස් ගංගාව මැද්දෙන් පියවර තබමින් දුම්රියට ළඟාවුණා. මැදිරියේ දොර ළඟදී මොහොතක් නතරවෙලා ඔහු ආපසු හැරී බැලුවා. ඈතින් හිටිතැනම නොසෙල්වී ඈ තවමත් ඔහු දිහා බලා ඉන්නව. ඒ ඇස් බැල්මෙන් මිදෙන එක කොයිතරම් අමාරුයිද. නමුත් දැන් ආපසු හැරෙන්න පුලුවන්කමක් නැහැ. පිටත්වෙන බවට දැනුම්දුන් දුම්රිය ගමන ආරම්භ කලා. දීර්ඝ ගමනකට සූදානම් වෙලා මැදිරිය ඇතුළේ ජනේලය ලඟ ආසනයෙ ඔහු වාඩිවුණා. නමුත් එකවරම ජනේලය අසල මැවුණේ ඇගේ රුව. ඇයට උවමනා වුණා තව වතාවක් ඔහුගේ අතින් අල්ලා ගන්න. එකම වතාවක් පමණක් ඔහු සෙවණේ රැඳෙන්න. නමුත් ජනෙල් වීදුරුව මහ බාධකයක් වගේ ඔවුන් දෙදෙනා මගින් නැගී හිටිය. ඇයට පුලුවන් වුණේ යන්තම් ජනෙල් වීදුරුව මත අත තබන්න පමණයි. ක්රමයෙන් දුම්රිය ගමන් වේගය වැඩිකලා. ඇයට තවදුරටත් ඒ වේගයෙන් ඇවිද එන්න බැරිවුණා. දුම්රිය නොනවත්වා ඉදිරියටම ගමන් කළා. වහාම නැගීහිටි ඔහු දිවගියේ අවසාන මැදිරියේ පිටුපස ජනේලය ලඟට. තමන්ගේ ජීවිතයේ සතුට උදුරාගෙන යන දුම්රිය පිටුපස පොඩි එකෙකු වගේ දුවමින් එන ඇය දිහා ඔහු බලා සිටියා. හදවතින් මතුවුණු සියුම් වේදනාත්මක හැඟීමක් තමන්ගේ දෑස කෙළවරින් ගලා යන ආකාරය ඔහුට දැනෙන්න පටන් ගෙන තිබුණා"






