Friday, January 12, 2018

වළාකුළු හිත.


සුළං කෙවිටෙන් පහර ලැබ
රිදුම් දී අදුරු වුණ පසු වත
තැනින් තැන ඔහේ සැරිසැරීමෙනුයි
වළාකුළු හදාගන්නෙ හිත.




7 comments:

  1. එහෙම යනවිට අතරමග
    කොලපාට තණනිල්ල මත,
    අළුපාට - කළුපාට පින්තුර හදාගෙන
    බලයි හැඩ..
    බිම බලාගෙන

    ReplyDelete
    Replies
    1. තණ පියලි යට
      පුංචි කූඹින්
      කොහෙ යනවද අර
      ඒ තරම් කලබලෙන්?

      Delete
  2. හෂාන්, ලිඛිතා දෙන්නාගේම ලස්සන පදපේළිවලට තව පුංචි එකතුවක්... :)

    රස්තියාදුකාර වළාකුළ
    දන්නෙ නැතුවාට මොකද
    තණනිල්ලෙ පුංචි මල්
    එබි එබී හැංගෙමින්
    හුළං පොදටත් නැළවෙමින්
    රහසින් කොඳුරන්නේ
    වළාකුළේ හැඩ ගැන...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි :) මහපොළොවට හැඩට පෙණුනට තමන් උහුලගෙන යන වතුර කන්දරාවක බර දැනෙන්නෙ වළාකූළට විතරයි...

      Delete
  3. ට්‍රැවලර් කීවට කවි විතරයි හමු උනේ.
    කමක් නෑ දිගටම ලියමු.

    ReplyDelete
    Replies
    1. ජීවිතේ ඇතුල කරන සැරීසැරීම ගැනයි කියන්නෙ...මේක දිග ගමනක් මිස නවාතැන් පළක් නොවේ යන අර්ථයෙනෙුයි එ් නම දැම්මෙ........

      Delete
  4. අම්මා කෙනෙකුටත් එයාගේ දරු ගැබ බරක් නෑ වගේ වලකුලටත් ඒකේ තියන වතුර බරක් නැතුව ඇති.

    ReplyDelete