Tuesday, January 16, 2018

මුල් දවස....



ජීවිතය නම් මේ යැයි
මුල් වරට හඳුනගත් දවස..
අම්මාගෙ දෑස යට
සිහින් හැකිළුමක සළකුණක් 
දුටු දවස...

කිව නොහැකි මහ බරකින්
සිත පිරීගිය දවස
තාත්තාගෙ කටහඬේ
මින් පෙර නොඇසුණ 
සියුම් වෙව්ළුමක් ඇති බව
මුල් වරට ඇසුණු දවස...





6 comments:

  1. දෙමාපියන් වයසට ගියා කියලා දැනුනම හරිම දුකයි.

    ReplyDelete
  2. නිර්මාණය සුන්දරයි, එහි අරුත දුක්බරයි... :(

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔව් එ්ක එහෙම තමයි....

      Delete