Tuesday, January 9, 2018

කුඩා


කුරු කුහුඹුවෙකුටත්
විසල් වෙරළත
පුංචි පා සළකුණක්
ඉතිරි කර යා හැකිය.. 

කුඩා පිනි බිඳුවටත්
උදා හිරු රැස් අතර
දෑත විහිදා පෙමින්
අහස දෝතට ගත හැකිය... 

සුළඟ මුමුණනව ඇති
එකම එක සමණළයෙක්
අඹ මල් රේණුවක් උඩ
තබා ගිය කවිය...




2 comments:

  1. අඹ මල් රේණුවක් උඩ
    තබා ගිය කවිය

    ReplyDelete
  2. කවියාට හැමදේම සුන්දරයි.

    ReplyDelete