Friday, February 16, 2018

සැගවිය නොහැකි යමක්....



වැරෙන් තොල් සායම් ඉලූ
රක්ත තොල් පෙති යුගට ඉහළින්
මළානික දෑසක්...

සෑන්දෑග හිරු මෙන්
ඇහි පියන් අතරේ ගිලෙන
සෝ බර බැල්මක්....

සුදු වර්ණ ඇඳුමෙහි
යන්තමින් හැකිලී පොඩිවුණ
තැනක් දෙකක්...

අපිළිවෙල කෙස් කළඹ
නොපෑහෙන බව ඔය මුහුණට
කියාදී නැත්ද මෙනවිය
තවම කවුරුත් ඔබට??




2 comments:

  1. හිතේ දුක වැඩි වෙනකොට ලගින් හිටිය අය ඈත් වෙනකොට ඔය කොයි දේකවත් අපිලිවෙලක් දැනෙන්නේ නෑ රන්දික.

    ReplyDelete
    Replies
    1. අපිළිවෙළම පිළිවෙළ වෙනකොට තවත් පිළිවෙලක් මොකටද නේ.....

      Delete