කාලයේ සංවහන සුළඟට
නේක හැඩ රටා මවන අහසට
සියොතුනේ තවත් දොස් නොපවරන්න....
වරින් වර රළ නගන සයුරට
"මොහොතක් නතර වෙන්නැ යි"
කිවහැකිද
ලිහිණියනේ නුඹලට...
තවත් රස පල වැල
හට ගන්න බොහෝ බිම් කඩ
තිබේ මේ මායිමෙන් මතුවට...
අතහැරී යන පිහාටුවට
අතහැරී යන්න ඉඩ දෙන්න
සීමා ළකුණු නැති
අහස්කුස නුඹගෙයි
සියොතුනේ
ඉගිලෙන්න.
හැන්දෑවට කුබුරේ නියර උඩට වෙලා කොක්කු යන හැටි මම බලනවා. සමහර වෙලාවට මට ගණන් කරගන්න බැරි තරමට යනවා. අම්මා බනිනවා ගොම්මන් වෙලාවේ එලියට වෙලා ඉන්නවා කියලා. ඉතින් බැනුම් අහලා තමයි ගෙට යන්නේ. මට මේ කවිය දැක්කම ඒ කාලේ මතක් උනා.
ReplyDeleteඒව හරි සුන්දර අත්දැකීම්...දැනටත් කොහෙ හරි යනකොට කුරුල්ලන් රෑනක් දැක්කොත් පොඩ්ඩක් නතර වෙලා බලන් ඉන්නවමයි....
Delete