අලුත් බඳුනක
දමා හිරු රැස
සෙමෙන් පිරිමැද
කඳු මුදුන් හිස
බෙදයි හිරු තෙම
උදෑසන සිට...
කපුටු සරයෙන්
සියොව ඇහැරී
කඩා ඇඟ මැලි
යහනතෙන් පිබිදී
දුවයි කඩිසර
කුහුඹුවන් රැළ
නැවුම් අහරක්
සොයන රිසියෙන...
පෙර දිනක විඳි
මලක සුවඳක්
රොනක් මිහිරක්
ඇතත් තුඩු අග
වෙනත් කුසුමක
පුසුඹ ඉව කර
තවත් ගමනක
බඹර පිරිවර...
රැය පුරා
තුරු බඳක ළය මත
වෙළී පැටලුන
සිහින් මීදුම
උදා හිරු රැස්
නැගෙණු පළමුව
සියුම් සිපුමක්
තබා තුරු මත
"ගිහින් එන්නම්"
කියා නික්මිණ.
+++++++
ReplyDeleteහරිම ලස්සනයි කවිය. ගැබුරු තේරුමක් තියනවා නේද???
ReplyDelete