Friday, February 23, 2018

සැඳෑ කළුවර



උනුන් හා තරඟයට මෙන්
වෙන් වෙන්ව නැඟි කඳු මුදුන්
එක්ව ගෙන සඟවාගනී
සැඳෑ කළුවර සෙමෙන්.





4 comments:

  1. සබඳ අපි කඳු නොවෙමු
    උනුන් පරයා නැගෙන..
    සිසිල් දිය දහර වෙමු
    එකම ගඟකට ගලන.....//

    ReplyDelete
    Replies
    1. වියරු ගිනි දැල් නොවෙමු
      වනය අවුලා තබන
      සිහිල දෙන වැස්ස වෙමු
      දැවෙන කැලයට වසින.....

      Delete
  2. එක දෙයකට කදු තරග කරාට තව දෙයකට කදු එකතු වෙලානේ රන්දික. බලන්න ඒකෙත් හැටි.

    ReplyDelete
    Replies
    1. සැන්දෑ කළුවරට ඕනෑ කදු මුදුනක් යටවෙන හැටි.....!

      Delete