දුම්රිය ඔබ
මා නැවතුමට පැමිණි ..
අතරමඟ ගිණියම් අව් රැසින්
ගම් දනව් අස දුහුවිලි දුමෙන්
මොහොතක් විඩාලනු පිණිස
මා සෙවණේ රැඳුන..
එනමුදු
නතරවනු හැකි ද
මේ කුඩා නැවතුම්පළ අසල
දුම්රියයි ඔබ
බොහෝ දුර යාමට
නියමිතව තිබෙන..
නොතබා කිසිවක්
අඩි සළකුණකින් වත් යමක්
මෙතැන
යා යුතුයි ඔබ
ඔබේ ගමන.
රන්දික ලියන සමහර දේවල් තේරුම් ගන්න අමාරුයි. සමහර දේවල් වල අරුත් ගොඩක් තියනවා.
ReplyDeleteඅරුත තමාට දැනෙන විදිහට වටහාගන්න... එයයි වැදගත්...යමක් දැනුණා නම් සතුටක් ඒක මට :)
Delete++++++++++++++
ReplyDeleteස්තූතියි....!
Deleteදුම්රියක්
ReplyDeleteකිසිදා
එක් නැවතුමක පමණක්
නවතින්නේද නැති
සලකුණු තබා යන්නේද නැති..!
නැවතුමෙහිද
Deleteඑක දුම්රියක් පමණක් නවත්වන්නේ නැති
හැම දුම්රියම
එක ලෙස දැනෙන්නේ නැති.........
omg ! Love this post . TFS, Malli
ReplyDeleteIts my pleasure...Thanx alot!!!
Delete