ඔබ කියන්නේ කොහොමද.
සීරුවට පිරිමදින කොට කැන්වසය
වර්ණවත් නොවේවිද
පින්සලය.
තමන් තනි නොතනියට
පත්තුකරගත් පහනක් ද
ප්‍රදීපාගාරයෙ එළිය.
නැත්නම්
ගසද රස බලා
ඉතිරිවන මධු බිඳු ද
ලොවට බෙදනා එහි ඵලය.
ඒ වුණත්
කුණාටුව අවසන
ඔරුව එක්කම ගිලෙන එක
තමයි රුවලකට ඇති එකම සුවය.
2017/03/27
නියමයි හිතන්න යමක් තියපු පද වැලක් .
ReplyDeleteමම හරිම ආසයි මේ වගේ වචන හරබයන්වලට
බොහොම ස්තූතියි!!
Deleteඑ් වුනත් කුණාටුව අවසන
ReplyDeleteඔරුව එක්ක ගිලෙන එක තමයි
හබලකට ඇති එකම සුවය
එක නියමයි. දැනෙන විදින්න පුළුවන් කවියක්
බොහොම ස්තූතියි !!
Deleteහ්ම්. ඔරුවටත් එහෙමමයි දැනෙන්නෙ.
ReplyDeleteරහයි මෙ කවිය.
ජයවේවා!!!
බොහොම ස්තූතියි දුමී!!
Deleteමේ කවියට මමත් කැමතී.... අමුතු රසයක්
ReplyDeleteබොහොම ස්තූතියි!!
Deleteකවියත් කුණාටුව වගේම දුක්බරයි .
ReplyDeleteඕනම කුණාටුවක අවසානයක් තියනව නේ :)
Delete