කල් බලා පත් වැරීමය
ගල් වුණා සේ හිඳීමය
අතු අගිස්සෙ නලියන
මල් කිණිති සඟවා ගැනීමය..
උස් ව ඉහළට වැඩීමය
හිස් වූ බැල්මෙන් බැලීම ය
සියොළඟ වෙලෙන මීදුමට
ඇස් පියාගෙන හිඳීම ය..
හිම පියලි කැටුව එන
මඳ පවන සිප ගැනීමය
කුරුල්ලෙක් වත් නොඑන
ඉපල් අතු පිරිමැදීමය...
අලුත් දළුලන
වසන්තය ගැන
මෙතෙක් දුටු හීන
හිස දරා සිටීමය..
හිම මිදුණ අත පය
හද උණුහුමෙන් රැකීමය
මේ සුවිසාල සිසිරය
ගස් උහුලාගන්නෙ එහෙම ය.
+++++++++++++++++
ReplyDeleteස්තූතියි තඩියා!
Deleteඅම්මා කෙනෙක්, ගැහැණියක්, මහ පොළොව සේ දුක දරාගන්නවා වගේ නේද??
ReplyDeleteඔව් ඒ වගේ තමයි :)
Deleteසෙනෙහසක මහිමය.අපුරුයි හෂි
ReplyDeleteබොහොම ස්තූතියි නිලක්ෂි....
Delete