Friday, March 2, 2018

රසකැවිලි පොඩිඋන්



අහම්බෙන් මෙන් වරක්
නගරයට පැමිණි දිනකදී
පොඩිවුන් පිරිසක් දිටිමි
පාසල ඇරුණු මොහොතක 

යම් අලුත් රස කැවිල්ලක් 
මිලට ගනු පිණිස 
එක්තරා වෙළඳසැලක 
පොරකමින් එක රෑනට...

එ දැක
ඉබේටම මෙන්
දිවගියා මතකය
අතීතෙට..

අපි ද
ඒ දිනවල
පොරකෑ අයුරු මතකය
වෙළඳසල් වල
යම් වෛවර්ණ රසකැවිල්ලක්
පැමිණි වග සැල වූ විගස..

මාපියන්
පරිස්සම් කර ගනු පිණිස දුන්
රුපියල දෙක වීසි කර
කට පුරා කඩචෝරු කෑ හැටි
මතකය එ දවස...

ඉන් පසුව
බොහෝ කල් ගතවී
දිවියේ සැතපුම් කණු පසු කර
පැමිණියද මෙතුවක් දුර
ඒ දඟකාර පොඩි එකා
වෙසෙනා බව දැනේ
තවමත් සිත තුළ
නොවිඳි මිහිරක් පතා
අලුත් රසකැවිලි සොයා
ලුහුබඳින ලෙස 
බලකරන..




12 comments:

  1. Replies
    1. එ් සොයා යෑම කෙළවරක් වෙන එකක් නෙවෙයි.....

      Delete
  2. +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
  3. හැම හිතක් ඇතුලෙම දගකාර පුංචි ළමයෙක් ඉන්නවලු

    ReplyDelete
    Replies
    1. කොච්චර වයසට ගියත් එහෙම ලු....

      Delete
  4. පාසල් කාලේ හරිම සුන්දරයි. ඒ ගැන හැමෝටම මිහිරි මතක තියනවා. මම ඒ කාලේ වගේම අදටත් ගොඩාක් කන්න කැමති දෙයක් තමයි අමු වෙරළු . මතක් වෙනකොටත් කටට කෙල උනනවා.

    ReplyDelete
    Replies
    1. අමු වෙරළු ? දත් හිරිවැටෙන්නෙ නැද්ද,?

      Delete
  5. අනේ එහෙම වෙන්නේ නෑ. ගම්මිරිස් කුඩුයි ලුණු කුඩුයි දාලා ඔයත් කාල බලන්න. මාර රසයි. ඔය ඇපල් මිදී වගේ නෙමෙයි.


    ReplyDelete
    Replies
    1. ඒ වුණාට අමුවෙං කොහොමද කන්නෙ...වෙරළු වලට මිරිස් කුඩු දාලා නේ රස

      Delete