Monday, March 19, 2018

දුම්රිය ඔබ මා නැවතුමට පැමිණි ..



දුම්රිය ඔබ
මා නැවතුමට පැමිණි ..

අතරමඟ ගිණියම් අව් රැසින්
ගම් දනව් අස දුහුවිලි දුමෙන්
මොහොතක් විඩාලනු පිණිස 
මා සෙවණේ රැඳුන..

එනමුදු
නතරවනු හැකි ද 
මේ කුඩා නැවතුම්පළ අසල
දුම්රියයි ඔබ
බොහෝ දුර යාමට 
නියමිතව තිබෙන..

නොතබා කිසිවක්
අඩි සළකුණකින් වත් යමක් 
මෙතැන 
යා යුතුයි ඔබ 
ඔබේ ගමන.




8 comments:

  1. රන්දික ලියන සමහර දේවල් තේරුම් ගන්න අමාරුයි. සමහර දේවල් වල අරුත් ගොඩක් තියනවා.

    ReplyDelete
    Replies
    1. අරුත තමාට දැනෙන විදිහට වටහාගන්න... එයයි වැදගත්...යමක් දැනුණා නම් සතුටක් ඒක මට :)

      Delete
  2. දුම්රියක්
    කිසිදා
    එක් නැවතුමක පමණක්
    නවතින්නේද නැති
    සලකුණු තබා යන්නේද නැති..!

    ReplyDelete
    Replies
    1. නැවතුමෙහිද
      එක දුම්රියක් පමණක් නවත්වන්නේ නැති
      හැම දුම්රියම
      එක ලෙස දැනෙන්නේ නැති.........

      Delete
  3. omg ! Love this post . TFS, Malli

    ReplyDelete